Forget me not - Final chapter

123 14 6
                                    

ආදරණීය ඩයරි,

චිත්‍රයක් අදිනකොට ඒක සම්පූර්ණ කරන එක නෙමෙයි අපිට අමාරුම...පලවෙනි පින්සල් පාර අදින එකයි අමාරුම..

මීට,
වැරදුන පින්සල් පාර..

.......................................... ♡....................................

After one month

කාලය හරි පරිස්සමින් ගත උනේ හුගක් දේවල් වෙනස් කරලයි..ජින් එදා වැස්සේ තෙමිගෙන ආවට පස්සේ එයා සම්පූර්ණයෙන්ම වෙනස් උනා..ඒ වෙනසට හේතුව මොකක්ද කියලා ජන්ග්කුක්ට හිතාගන්න බැරි උනත් ටික කාලයක් එහෙම හිටියටත් ජින් කලින් තරම් නොවුනත් හොද තත්වෙකට ආපු නිසා ජන්ග්කුක් හාර අවුස්ස අවුස්ස ජින්ගෙන් ප්‍රශ්න අහන්න ගියේ නෑ..ඉතින් ජින්ගේ වෙනස් වීම හේතුව හිතාගන්න බැරි උනත් දෙන්නා එක්ක කියෝ කියෝ ඉන්න වෙලේක ජන්ග්කුක්ගේ කටින් එයා රාශිට කැමති කියලා කටින් පැන්න දවසේ ඉදන් ජින් ආයි වෙනස් උනා කියලා ජන්ග්කුක්ට තේරුනා..එදා ජින්ම ජන්ග්කුක්ට රාශිට ප්‍රපෝස් කරන්න උදව් කරත් ජින්ගේ බලකිරිල්ල නිසාම ජන්ග්කුක් රාශිට ප්‍රපෝස් කරත් රාශිගෙත් ජන්ග්කුක්ගෙත් සම්බන්දේ පටන් ගත්ත දවසේ ඉදන් ජින් කරේ ඒ දෙන්නවම හැමවෙලේම මගහැරපු එක..අඩුම කන්නවත් කාමරෙන් එලියට නොඑන ජින් හැමවෙලේම කිව්වෙ එයාගේ ඇගට හරි නෑ කියලා...ඒ නිසාම ජන්ග්කුක් ජින්ව ඩොක්ටර් කෙනෙක් ලගට එක්කන් යන්න ඇහුවත් ජින් බැහැ කියන නිසා ජන්ග්කුක් වගේම ජින්ගේ වෙනස තේරුන හැමෝම හිටියේ කුතුහලෙන්..

🌹 කුකී..මොකක්ද ප්‍රශ්නේ ??

කොලේජ් ආවත් තාමත් කොලේජ් එකට ආපු නැති ජින්ගේ හිස් පුටුව දිහා බලන් ඉන්න ජන්ග්කුක්ගෙන් රාශි ඇහුවේ බලන් ඉදලා බැරිම තැනයි..මොකද දැන් දවස් ගානක ඉදන් ජන්ග්කුක්වත් ජින්වත් වැඩි කතාවක් තිබ්බේ නෑ..දෙන්නම ඔහේ බලාගත්තු අත බලන් පාඩුවේ හිටියා මිසක් ඉස්සර වගේ දෙන්න හිනා වෙවී කෝලන් කර කර ඉන්නේ නැති එක රාශිට ලොකු ප්‍රශ්නයක් වෙලයි තිබ්බේ..

🐰 ම්..මුකුත් නෑ...

🌹 මුකුත් නැති වෙන්න විදියක් නෑ..මට කියන්න මොකක්ද ප්‍රශ්නේ ?? ඔයයි ජිනුයි මේ දවස් ටිකේම හරිම වෙනස්..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now