අදුරු සෙවනැලි - Chapter 09

89 13 5
                                    

🦄 කෝ මෙයාලා තාම නෑනේ..ගිහින් දැන් පැය තුනකටත් වැඩියි..

කෙල්ලො දෙන්නාත් එක්ක ටේකුක් දෙන්නා ගිහින් තාමත් ආවේ නැති නිසා වෙලාව බලන ගමන් හොබි කියනකොට අනිත් තුන් දෙනත් ඒක අනුමත කරන්න වගේ ඔලුව වැනුවා..

🐱 එයාලා එන වෙලේක එයිනේ..මන් යනවා වොශ් එකක් දාගන්න..මෙහෙ මාරම රස්නෙයි..

යූන්ගි මූනෙන් බේරෙන දාඩිය පිහිදන ගමන් නැගිටිනකොට ජිමින් ඉක්මනට යූන්ගිගේ අතේ එල්ලුනා..

🐥 යන්න එපා හ්‍යුන්ග්..මතකනේ ලිලී කිව්වා අපි හතර දෙනාට එයාලා එනකම් එකටම ඉන්න කියලා..

🐨 ජිමින් කියන එක ඇත්ත යූන්ගි හ්‍යුන්ග්...ජින් හ්‍යුන්ගේ රූම් එකේ එන්න එන්නම සද්ද වැඩියි..මන් හිතන්නේ ලිලී කියපු විදියට අපි හතර දෙනා එකටම ඉන්න එක හොදයි..

නම්ජුනුත් ජිමින් කියන එක අනුමත කරන්න වගේ කියනකොට ලොකු හුස්මක් පහලට දාපු යූන්ගි ආයි පුටුවෙන් වාඩි උනා..

🦄 ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..

හොබි ඇඹරෙනගමන් කියනකොට තුන් දෙනාම හොබි දිහා බැලුවේ ඇයි අහන්න වගේ..

🦄 මට චූ බරයි දෙයියනේ..

හොබි ඇබරෙන ගමන් කියනකොට තුන් දෙනාම ඇස් රෝල් කරා..ඊට වඩා දෙයක් හොබිගෙන් කොහොමත් බලාපොරොත්තු වෙන්න කොහෙත්ම බැහැ..

🐱 හරි අපි මෙහෙම කරමු...ජූන් උබ ජිමින් එක්ක මගේ කාමරේ ඉන්න..මන් වොශ් එකක් දාගන්නම්..හොබි උබ ගිහින් උබේ වැඩේ කරගනින්..

🦄 ඊයා..මට කියන්නේ ටෝ ඉස්සරහ චූ දාන්න කියලද ??

🐱 උබට ඕන නම් ගිහින් අනිත් වොශෲම් එක පාවිච්චි කරපන්..හැබැයි ඒක තියෙන්නේ ජින් හ්‍යුන්ගේ රූම් එක එහා පැත්තේ..

යූන්ගි ඒක කියනකොටම උඩ තට්ටුවෙන් හයියෙන් බඩුවක් පෙරලෙන සද්දයක් ඇහුනා..ඒ දිහා බයෙන් වගේ බලපු හොබි ඉක්මනට යූන්ගිගේ අතේ එල්ලුනා..

🦄 අවුලක් නෑ...හ්‍යුන්ග් වොශ් එකක් දාගන්න..මන් එතකම් අනිත් පැත්ත හැරිලා මගේ වැඩේ කරගන්නම්..කොහොමත් මැද්දෙන් කර්ට්න් එකක් දාලනේ තියෙන්නේ...අනික මේහ් හ්‍යුන්ග් දැකලා නැති එකක් නෙමෙයිනේ..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now