Forget me not - Chapter 01

214 12 4
                                    

Brotherhood

Story category : Love triangle

Main character : Kim Seokjin , Jeon Jungkook

.......................................... ♡....................................

ආදරණීය ඩයරි,

කෙනෙක් මගෙන් ඇහුවා පස් වෙනි ඍතුව දන්නවාද කියලා ?? පරිසර විද්‍යාව හදාරන මන්වත් දන්නේ නෑ ඇත්තටම පස්වෙනි ඍතුව මොකක්ද කියලා..මන් දන්නවා ඔයා උනත් දන්නේ හතරයි..ග්‍රීස්ම, සරත්, වසන්ත, ශීත හැරෙන්න තව එකක් ?? ඒත් එයා කිව්වා පස්වෙනි ඍතුව කියන්නේ අපි ආදරේ කරන මතක ගබඩා කරන ඍතුව කියලා ?? ඒක මහ විකාර කතාවක් නේද ?? ඒත් මන් ආසයි ඒ පස්වෙනි ඍතුවේ ජීවත් වෙන්න..මගේ නොවෙන මගේ මතක එක්ක ජීවත් වෙන්න..

                             මීට,
                             බිද වැටුනු පස්වෙනි ඍතුව.

.......................................... ♡....................................

Author pov

🌹 ඒයි තමුසේ මැරෙන්න හදනවාද ??
අයිසේ...මාව ඇහෙනවාද ??
පිස්සෙක් වගේ ෆෝන් එකත් කනේ ගහගෙන පාරේ ගිහින් අපිවත් අමාරුවේ දානවා..ඔහොමද මනුස්සයෝ පාරේ යන්නේ ?? මගේ මූන දිහා කන්න වගේ බලන් ඉන්නේ නැතුව උත්තර දෙනවා !!

විනාඩි ගානකට කලින් උන පුංචි ඇක්සිඩන්ට් එකෙන් ස්කූටි එකත් පෙරලන් බිම වැටුනු කෙල්ලෙක් පාරේ තාමත් එයාගේ බයික් එකට හැප්පුන විදියටම තමන් දිහා කන්න වගේ බලන් ඉන්න කොල්ලට බනින ගමනුයි හිටියේ..වැරැද්ද අහක බලාගෙන ඩ්‍රයිව් කරපු කෙල්ලගෙ උනත් ෆෝන් කෝල් එකේ සිහියෙන් ආපු කොල්ලාගේ උනත් කොල්ලා බැනුම් අහන්න ඕන..මොකද ඉතින් තමන් වැරැදි නෑ කියලා කියන්නවත් කොල්ලා ඉන්නේ සිහියෙන් නෙමෙයිනේ..

හැප්පුන වෙලේ ඉදන් එයා ඉන්නේ එක දිගට එයාට බැනගෙන බැනගෙන යන කෙල්ලගේ සිහියෙන්..වටේ මිනිස්සුන්ට කෙල්ලව යක්සනියක් වගේ පෙනුනත් ඔයාලා විශ්වාස කරන්න කොල්ලට නම් වටේම මල් පිපිලා, වැහි අදුර තියෙන අහසෙත් ඉර එලියක් කෙල්ලගේ මූනට වැටිලා, ලාවට පුංචි හුලගක් නිසා කෙල්ලගේ කොන්ඩේ පාවෙනකොට , කනට පුංචි සින්දුවකුත් ඇහුනා..

ඔයාලා විශ්වාස කරනවාද දැක්ක ගමන් කෙනෙක් තව කෙනෙක් එක්ක ආදරෙන් බැදෙනවා කියන එක ??

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now