My Alpha - Final chapter

245 42 14
                                    

ඔලුවෙන් දැනුන ලොකු වේදනාවක් එක්ක ජන්ග්කුක් හිමීට ඇස් ඇරියත් එයාට පෙනුනේ බොද උන ඡායාවන් කිහිපයක් විතරයි..අත පය හොල්ලන්න හැදුවත් හොල්ලන්න බැරි වෙනකොට ජන්ග්කුක්ට තේරුනා තමන්ව ගැට ගහලයි තියෙන්නේ කියලා..අමාරුවෙන් ඇස් ඇරලා ඔලුව පොඩ්ඩක් දෙපැත්තට ගසපු ජන්ග්කුක් රූප පැහැදිලිව පේනකොට තමන්ගේ ඉස්සර පේන්න තියෙන දේ දැක්කාම මුලු ඇගම වෙව්ලන්න පටන් ගත්තා..

🐰 ට්..ටේටේ...

ඔව් ජන්ග්කුක්ගේ පුංචි ලිලී මල හිටියේ සිහිය නැතුව ඇදක ගැටගහලයි..එතනම තියෙන පුටුවක ජන්ග්කුකව යකඩ දම්වැල්වලින් ගැට ගහලා තියෙනකොට ජන්ග්කුක් ඒවාගෙන් ගැලවෙන්න උත්සාහ කරත් ඒක ලේසි උනේ නෑ..ජන්ග්කුක් ගැලවෙන්න දගලන ගමන් ටේහ්‍යුන්ට කතා කරනකොට ටික වෙලාවකින් ජන්ග්කුක් දැක්ක ටේහ්‍යුන්ට සිහිය එනවා..

🐰 ටේ..බේබි...ඔයාට කොහොමද ??

ජන්ග්කුක්ගේ කටහඩට ටේහ්‍යුන් ඇහැරුනත් එයා ඇදෙන් නැගිටින්න හදනකොට තමන්ට නැගිටින්න බෑ කියලා තේරෙනකොට තමන්ව ගැටගහලා කියලා තෙරෙනකොට ටේහ්‍යුන්ගේ බෝල ඇස්වල කදුලු පිරුනා..

🐯 ජ..ජන්කූ...

ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක්ගේ නම මුමුනන ගමන් බෙල්ල හරවලා බලනකොට එයා දැක්ක එයාගේ ජන්කූ පුටුවක ගැටගහලා තියෙනවා වගේම ජන්ග්කුක්ගේ ඔලුවේ පැත්තකින් ලේ ගලනවා..ඒත් එක්කම එයාට මතක් උනේ ටිකකට කලින් උන දේවලුයි...

ජන්ග්කුක් කාමරෙන් ගිහින් හුගක් වෙලා ගිහිනුත් ජන්ග්කුක් ආයි ආවේ නැති නිසා ටේහ්‍යුන් හැදුවේ කාමරෙන් එලියට යන්න..ඒත් ජන්ග්කුක් එයාට ඉන්න කියලා ගියා කියලා මතක් වෙනකොට ආයි ඇදෙන් වාඩි උන ටේහ්‍යුන් කකුල් වන වන ජන්ග්කුක් එනකම් බලන් හිටියත් එකපාරටම පහලින් ඇහුන සද්ද එක්ක ජන්ග්කුක්ගේ සුවද වෙනස් වෙනකොට ටේහ්‍යුන් හුගක් කලබල උනා...එකපාරටම ඇදෙන් බැස්ස ටේහ්‍යුන් දොර ඇරගෙන කාමරෙන් එලියට ආවත් පිටිපස්සෙන් ආව කවුරු හරි තමන්ව තදින් අල්ලගෙන නහයට මොනවා හරි අල්ලනවාත් එක්කම තමන් සිහිය නැතුව වැටුනා කියලා විතරයි ටේහ්‍යුන්ට මතක තිබ්බේ...ටේහ්‍යුන් ඒව මතක් වෙනකොට ජන්ග්කුක්ගේ ඔලුවෙන් ලේ ගලනවා පේනකොට ටේහ්‍යුන් කෑ ගහල අඩන්න පටන් ගත්තා..

Fantasy World || Ot7 || CompletedWhere stories live. Discover now