🦋 Chapter 3 🦋

1.1K 282 6
                                    

🚫 Next day morning 🌄

ටේහ්‍යොන් උදේම නැගිටලා සුපුරුදු විදිහට පහලට ආවේ එයාගේ වැඩ ටික කර ගන්න . ඊට කලින් හැමදාම වගේ ටේහ්‍යොන් කලේ ජිමින් හදන කෑම කන එක . අදත් ටේහ්‍යොන් ජිමින්ගේ කෑම වල රස බලන්න ගිහින් කෑම මේසෙන් වාඩි උනා . ඒත් පොඩි වෙනසකට තිබ්බේ අද කෑම මේසේ ජංකුක් වගේම යුංගිත් හිටපු එක

" ගුඩ් මෝනින් ලව් "

" ගුඩ් මෝනින් බබී "

ටේහ්‍යොන් ජිමින්ට හිනාවක් සංග්‍රහ කරලා තමන්ගේ මිල්කි එක බොන්න අතට ගත්තා

" ගුඩ් මෝනින් ටේටේ හියුන් "

" මෝනින් "

ටේහ්‍යොන් තමන්ගේ මිල්කි එක බොන්න හදද්දිම ජංකුක් හිනා වෙලා ටේහ්‍යොන් ට ගුඩ් මෝනින් කිව්වා . ඒත් ටේහ්‍යොන් නම් ජංකුක් දිහා වත් නොබලාම උත්තර දීලා තමන්ගේ මිල්කි එක බොන්න පටන් ගත්තා

" පුදුම නපුරෙක් තමා මට නිකන් මෝනින් ජිමින් හියුන්ට ගුඩ් මෝනින් .. ආයේ නම් ජීවිතේට මේ නපුරට ගුඩ් මෝනින් කියන්න යන්නේ නෑ හප් "

ජංකුක් කෑම කන ගමන්ම ටේහ්‍යොන් කරපු වැඩේට ටේහ්‍යොන් ට හිතින් බනින්න ගත්තා .

" අද ඔයාට ලෙක්චස් නැද්ද බබී ? "

" තියෙනවා ඒත් අද පොඩි නිවාඩුවක් දැම්මා "

" එකපාරටම මොකෝ "

" ඇයි අනේ අද යුංගිත් ඉන්නවා ජංකුකුත් ඉන්නවා . ගොඩ කාලෙකින් මට එයාලව හම්බ උනේ ඉතිම් ඒක නිසා අදත් ලෙක්චස් වලට යන්න බෑ .. "

" ඔහ් ඒකත් ඇත්තනේ "

" අහ් ලව් ඔයාට කියන්න දෙයක් තියෙනවා "

ජිමින් යුංගිගේ අතත් පටලන් කියද්දි ටේහ්‍යොන් ට තේරුනා ජිමින් මොකක් හරිම දෙයක් තමන්ගේ ඇගේ පටලවන්න යන්නේ කියලා

" මොකක්ද "

" අහ් මට යුංගිව ඉතිම් ගොඩ කාලෙකින්නේ හම්බ උනේ ඉතිම් අපි දෙන්නා පොඩ්ඩක් හිතුවා අද ඩේට් එකකට යන්න "

" බබී වටෙන් යන්නේ නැතුව කෙලින්ම කියනවද ඔයාට මොකක්ද වෙන්න ඕනේ කියලා "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now