🦋 Chapter 14 🦋

1.1K 235 14
                                    


" ඉතිම් කොහොමද පුතා "

ටේහ්‍යොන් වගේම ජංකුක් හිටපු මේසේ ගාවින් නැවතුනු ආගන්තුක පුද්ගලයා එහෙම අහද්දි ජංකුක් නම් ඒ කෙනා දිහා බලන් හිටියේ ඇහිබැමක් උස්ස ගෙන උනත් ටේහ්‍යොන් නම් ඒ කෙනා දිහා බලන් හිටියේ සුහද හිනාවක් යොමු කරමින් ..

" මම හොදින් චෝයි අන්කල් "

" අහන්නත් සතුටුයි "

" ඉතිම් චෝයි අන්කල්ට කොහොමද "

" වරදක් නෑ මගේ ලෙඩ වලට බෙහෙත් බිබී ඉන්නවා "

" තාමත් ? "

" මම දැන් වයසයිනේ දරුවෝ "

" එහෙනම් වාඩි වෙලාම අපි කතා කරමුකෝ "

ටේහ්‍යොන් තමන්ගේ ඉදිරියේ තියෙන පුටුව පෙන්නද්දි චෝයි හිනා වෙලා එතනින් වාඩි උනා

" ඒක නෙමේ කවුද මේ හුරතල් පිරිමි දරුවා "

චෝයි ජංකුක් දිහා බලලා ටේහ්‍යොන් ගෙන් ඇහුවා

" අහ් මේ ජංකුක් ! යුංගි හියුන්ගේ මල්ලි කෙනෙක් "

" ඕහ්හ් කොහොමද ජංකුක් "

" හොදයි අන්කල් "

චෝයි හිනා වෙලා අහද්දි ජංකුකුත් හිනා වෙලාම චෝයිට උත්තර දුන්නා

" ඒක නෙමේ පුතේ මමියි ඩැඩයි ඔයාට තාම කතා කලේ නැද්ද "

" නෑ චෝයී අන්කල් මම හිතන්නේ නෑ එයාලට මං ගැන මතක වත් ඇතී කියලා "

" එහෙම හිතන්න එපා දරුවෝ එයාලා දවසක ඔයාට කතා කරයි "

" දැන් අවුරුදු ගානක් තිස්සේ මං මගේ හිතම රවට්ට ගත්තේ ඔහොම හිතලා තමා "

" බලාපොරොත්තු නැති කරන්න එපා මොකද ඔයයි කිම් පව්ලේ උරුමක්කාරයා ඉතිම් මූන්ගාල් දවසක ඔයාට කතා කරයි "

" චෝයි අන්කල්ට ඩැඩාව හම්බ උනේ නැද්ද "

" ලගකදි නම් මට එයාව හම්බ උනේ නෑ අපි අන්තිම පාර හම්බ වෙලත් දැන් මාසයක් විතර වෙනවා ඒකත් මම කැනඩා වල බිස්නස් වැඩකට ගියපු වෙලාවකදි අහන්බෙකින් දැකලා "

" චෝයි අන්කල් ගාව ඩැඩාගේ නම්බර් එක තියෙනවද "

" අහ් ඔව් ඉන්න මම දෙන්නම් "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now