🦋 Chapter 16 🦋

877 230 54
                                    

" ජෝන් ජංකුක්ක්ක්ක්ක් "

" ඒ පාර මොකද "

බිම වැටිලා ඉන්න ටේහ්‍යොන් ජංකුක් ට කෑ ගහද්දි මේ පාර කිසිම දෙයක් නොකරපු ජංකුකුත් හයියෙන් ටේහ්‍යොන් ට කෑ ගැහුවා

" මෙන්න මේ මගුලේ ලෑම්ප් එක අහකට ගන්නවා "

" මමද දැන් ඒක අරන් ගහන්න ගිහින් ඇගට වට්ට ගත්තේ "

" ඒකෙන් වැඩක් නෑ කිව්වම එක පාරක් ඒ කියපු දේ කරනවා පැහෙන්නේ නැතුව  "

"  ඇත්තමයි හියුන් ඔයා නම් ආර්ර්  "

ටේහ්‍යොන් ටත් පුම්බපු ජංකුක් ටේහ්‍යොන් ගාවට ගිහින් ලෑම්ප් එක අයින් කලා ඒත් ලෑම්ප් එක ජංකුක් හිතුවට වඩා බර උනු නිසා තව ඩිංගෙන් ලෑම්ප් එක අයින් කරන්න යද්දි ඒක කැඩිලා යනවා ..

ජංකුක් ලෑම්ප් එක අයින් කලාට පස්සේ ටේහ්‍යොන් තමන්ගේ ටවල් එකත් අතින් අල්ල ගෙනම නැගිට්ටේ කලින් වෙලාවේ ටවල් එක කඩන් වැටුනු එක තමන්ට මතක් උනු නිසා .

" ඇත්තමයි ජංකුක් මම කොයි මොහොතක හරි වලකජ්ජ ගහන්නේ තමුන් කරන මේ විකාර වැඩක් නිසාම තමයි "

" මියන්හේ මම හිතලා කලේ නෑ මෙට්‍රස් එක බම්ෆ් වුනු නිසා මට ආස හිතුනා "

" ඔයා බබෙක් වගේ ජංකුක් "

" මම බබෙක් නෙමේ "

ජංකුක් තමන්ගේ චීක්ස් රතු කරන් කිව්වේ කවුරු හරි ජංකුක් ට තමන් බබෙක් වගේ කියලා කියද්දි ජංකුක් ට තරහ යන නිසා

" ඔව් ඔයා බබෙක් නෙමේ ඒත් ඔයාගේ වැඩ නම් බබෙක් ගේ වගේ ඇත්තටම ඔයා කරදරකාරයෙක් ජංකුක් "

" මියන්හේ හියුන්ට වද දුන්නා නම් .. බ්‍රෙක්ෆස්ට් ගන්න එන්න මම යනවා "

" ජං ජංකූ.. "

ජංකුක් ඉක්මනට ටේහ්‍යොන් ගේ රූම් එකෙන් එලියට යද්දි ටේහ්‍යොන් ජංකුක්ට කතා කලත් ජංකුක් නැවතුනේ නෑ .. ජංකුක් කලේ ටේහ්‍යොන් කතා කරපු වගක් ඇහුනේ නැති ගානට එතනින් ගියපු එක

ටේහ්‍යොන්ට තේරුනා තමන් කතා කරපු විදිහට ජංකුක් ගේ හිත රිදිලා තියෙන වග .. තමන්ගේ නලල තදින් තෙරප ගත්තු ටේහ්‍යොන් ඉක්මනින් ක්ලෝස්ට් එකෙන් ඇදුමක් අරන් දාගෙන පහලට ගියේ ජංකුක් එක්ක කතා කරන්න ..

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now