🦋 Chapter 29 🦋

806 222 6
                                    


ගෙදරට ඕන කරන දේවල් ගන්න ජෝජ් වික්ටෝරියා එක්ක එලියට ගියාට පස්සේ ටේහ්‍යොන් තමන්ගේ ෆ්ලවර් ශොප් එකට ගියේ ජංකුක් ගේ බල කිරීම මත . මොකද කලින් දවසේ දෙන්නා කරපු දේවල් එක්ක ටේහ්‍යොන්ගේ හිත දුන්නේ නෑ ජංකුක් ව දාලා යන්න .

ඒත් ජංකුක් ට තමන් ගැන බලා ගන්න පුලුවන් තමන් බබෙක් නෙමේ කියලා කෑ ගහපු නිසා ටේහ්‍යොන් පාඩුවේ කටත් වහගෙන ෆ්ලවර් ශොප් එකට ගියා . මොකද ටේහ්‍යොන් දන්නවා තමන්ට ජංකුක් එක්ක කතා කරලා දිනන්න බැරි වග .

බැන්ග්ලෝ එකේ හැමෝම වගේ නැති උනත් ජංකුක් ගේ තනියට හිටියේ ජෙනී මොකද වික්ටෝරියා ජෙනීට මාකට් එකට යන්න කතා කලත් ජෙනීට ජංකුක් එක්ක ඉන්න ඕනේ උනු නිසා ජෙනී වික්ටෝරියගේ යෝජනාව ප්‍රතික්ෂේප කලා .

ලස්සන සින්දුවකුත් මුමුණ මුමුණ කිචන් එකට ගියපු ජෙනී මීට කලින් වික්ටෝරියා ජංකුක් කන්න කැමතී කිව්ව කෑම වගයක් හදන්න ගත්තා . වැනිලා ෆ්ලේව් එකෙන් හදපු පෑන්කේක්ස් කීපයක් වගේම බනානා මිල්ක්ශේක් එකක් ජෙනී දැනට මත් හදලා තිබුනා .

ජංකුක් ට හදපු බනානා පුඩින් එක ෆික්ස් වෙන කල් ජෙනී ෆ්‍රිජ් එක ලං ඉදන් හිතුවේ අද වත් තමන්ගේ හිතේ තියෙන දේ ජංකුක් ට කියනවද නැත්ද කියලා . අවසානේ ජෙනී හිතුවා තවත් කල් අර ගන්නේ නැතුවම මේක ජංකුක් ට කියලා දාන්න .

ලස්සන ප්ලේන් ට්‍රේ එකක් උඩින් දැනට හදලා තිබුනු දේවල් ඇරේන්ජ් කර ගත්තු ජෙනී අන්තිමට ෆ්‍රිජ් එකේ තිබුනු පුඩින් එකත් අරන් ට්‍රේ එකෙන් තිබ්බා ඒ වෙන කොට පුඩින් එක ගානට හැදිලා තිබුනු නිසා ජෙනීටත් පුඩිමෙන් කෑල්ලක් කන්න ආසාවක් ඇති උනා

" ඔයාට පුලුවන් ජෙනී "

හොද හුස්මකුත් පිට කරපු ජෙනී ට්‍රේ එකත් අරගෙන කවදාවත් නැති සතුටකින් ජංකුක් ගේ කාමරේ ගාවට ගියා . එක අතකින් ට්‍රේ එක වැටෙන්නේ නැති වෙන්න අල්ල ගත්තු ජෙනී අනිත් අතෙන් ජංකුක් ගේ කාමරේ දොරට තට්ටු කරන්න ගත්තා

" ජංකුක් ඔප්පා ජංකුක් ඔප්පා "

ජෙනී ජංකුක් ගේ නමත් කියන ගමන් කතා කලත් ජංකුක් ගෙන් නම් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ . ඒත් ජෙනී ටික වෙලාවක් එහෙන්මම හිටියේ ජංකුක් මොකක් හරි වැඩක ඉන්නවා ඇතී කියලා . ඒත් විනාඩී කීපයක් ගත උනත් ජෙනීට ජංකුක් ගෙන් කිසිම උත්තරයක් ලැබුනේ නැහැ

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now