🦋 Chapter 24 🦋

1K 239 11
                                    

ටේහ්‍යොන් කෑම අරන් එනකල් ජංකුක් කාර් එකේ තිබුනු JBL එකෙන් සින්දුවක් ප්ලේ වෙන්න දැම්මා ඒක ඇත්තටම ගොඩක් රෝමාන්තිකයි .. වැස්සත් එක්ක සින්දුව ජංකුක් ගේ හිතටම වැදෙද්දි කොල්ලා හිමින් සීරුවේ තමන්ගේ තොල් වලින් සින්දුව මුමුණන්න ගත්තා

ජංකුක් ගේ මුලු මූණ පුරාම තිබ්බේ ලැජ්ජව පිරුනු ස්වාභයක් මොකද ජංකුක් ඒ රෝමාන්තික සංගීතය හදවතින්ම විදන ගමන් ඉන්න නිසා .. සින්දුවත් එක්කම ජංකුක් ට මැවිලා පෙනුනේ තමන්ට ටේහ්‍යොන් එක්ක තිබුනු මතකයන්

ඒවා අවංකවම සුන්දරයි !

And sometimes when we touch
The honestly too much ~

සින්දුවේ තිබුනු සමහර පද පේලි ඇහෙද්දි ඒවා ඕනවටත් වඩා ජංකුක් ගේ හදවත ස්පර්ෂ කලා .. ටේහ්‍යොන් බලෙන්ම වගේ තමන්ව සිප ගද්දි තමන්ට ඒ වෙලාවේ දැනුනු විදිහ සින්දුවෙන් කියද්දි ජංකුක් ඉබේම රතු උනා

And i have to close my eyes and hide
I wanna hold you till i die ~

ජංකුක් ට ඕනේ උනා ටේහ්‍යොන් ගේ අතින් අල්ල ගන්න ඒත් ජංකුක් තාමත් හිතන් ඉන්නේ ඒ අත තමන්ට අයිති නෑ කියලා .. ඒත් කාර් එක පුරාම තියෙන ටේහ්‍යොන් ගේ ලැවැන්ඩා සුවද තමන්ට දැනෙද්දි ජංකුක් ට ඕනේ උනා අයිති නැති උනත් ඒ අත අයිති කර ගන්න මොකද

ටේහ්‍යොන් කියන්නේ ජංකුක් ට ඇබ්බැහියක් !

" ඔයා මගේ විතරයි ඊඩියට් "

ජංකුක් තමන්ගේ අත් දෙක හරහට බැද ගෙන angry pout එකකින් තමන්ටම මුමුණ ගත්තා .. එහෙන්මම ආයෙත් සීට් එකට බර උනු ජංකුක් ඇස් දෙකත් පියා ගෙන තාමත් ප්ලේ වෙන රෝමාන්තික සංගීතය විදින්න ගත්තා

ඒ අතර ජංකුක් ට කෑම ගේන්න ගියපු ටේහ්‍යොන් මහ වැස්සේ කෑම එකත් තමන්ගේ කෝට් එක අස්සේ දාගෙන දුවගෙන ඇවිත් කාර් එකට නැග්ගේ තෙමිච්ච කොටියෙක් වගේ .. ටේහ්‍යොන් ගේ කෝට් එක නිසා තමන්ගේ ශර්ට් එක නොතෙමිලා තිබුනත් ටේහ්‍යොන් ගේ ඔලුව හොදටම තෙමිලා තිබුනා

" හියුන්න් "

ජංකුක් හයියෙන් කැගැහුවේ ටේහ්‍යොන් ඉන්න විදිහ දැකලා ඇත්තටම ජංකුක් ට දුක හිතුනා ටේහ්‍යොන් කෑම ටික තෙමෙන්නේ නැති වෙන්න ගෙනල්ලා තියෙන විදිහ දැක්කම

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now