🦋 Chapter 6 🦋

961 259 9
                                    

ටේහ්‍යොන් ඇතුලට ඇවිත් යුංගි කලින් වාඩි වෙලා හිටපු තැනින් වාඩි උනේ ඒ වෙලාවේ යුංගි කියා යුංගිගේ හැල්මොනී වත් පේන්න හිටපු නැති නිසා . ටේහ්‍යොන් සෝෆා එකෙන් වාඩි වෙලා තමන්ගේ ශර්ට් එකේ බටන්ස් කීපයක්ම ඕපන් කලා .

ජංකුකුත් හිමිච්චා වගේ ඇවිත් ටේහ්‍යොන් ගේ කිට්ටුවෙන් වාඩි උනේ ඇගිලිත් පටලව පටලව . ටේහ්‍යොන් සෝෆා එකේ ඉන්න විදිහෙන් ඕනම කෙනෙක්ට පේනවා ටේහ්‍යොන් ඉන්නේ ගොඩක් ස්ට්‍රෙස් එකෙන් කියලා .

ඒත් ජංකුක් ට ටේහ්‍යොන් ට කරදර කරන්න නම් ඕනේ උනේ නෑ කොල්ලට ඕනේ උනේ ටේහ්‍යොන් ගෙන් දෙයක් ගැන අහ ගන්න ඉතිම් ජංකුක් ටේහ්‍යොන් ට ඇහෙන නොඇහෙන ගානට කතා කලා ..

" හියුන් අපි දැන්මම යනවද "

ජංකුක් ගේ කටහඩ ටේහ්‍යොන්ට තමන්ගේ ලගින්ම ඇහුනු නිසා කොල්ලා ජංකුක් ගේ කට හඩට අවදානේ දුන්නා .

" ඔව් "

" ඒත් හියුන්ට මහන්සී පාටයි "

" එහෙම එකක් නෑ අද ටිකක් රස්නේ දවසක් නිසා වෙන්න ඇති මාව ඒ විදිහට පේන්නේ වොශ් එකක් දා ගත්තා නම් මේ ගතිය ඇරිලා යයි "

" ඔහ් එහෙනම් හියුන් වොශ් එකක් දා ගන්නකෝ "

" මං වොශ් එකක් දාගෙන එන්නම් ඔයා ඔයාගේ ලැගේජ් ටික පහලට ගෙනල්ලා  තියන්න  මම ඇවිල්ලා ඒ ටික කාර් එකට දාන්නම් "

" අහ් මට පුලුවන් ඒ ටික කාර් එකට දා ගන්න "

" ඔයාට ශුවර්ද "

ටේහ්‍යොන් ජංකුක් ගෙන් අහද්දි කොල්ලා තමන්ට පුලුවන් කියන්න වගේ ඔලුව හයියෙන් උඩට පහලට වැනුවා ..

" අහ් එහෙනම් කී එක "..

ටේහ්‍යොන් ජංකුක් ට තමන්ගේ කාර් එකේ කී එක සාක්කුවෙන් අරන් කැට්ච් කරද්දි ජංකුක් ඒක බනී හිනාවක් දාලා අල්ල ගත්තා .

" මම යනවා එහෙනම් වොශ් එකක් දාගන්න ලැගේජ් ටික තනියම දා ගන්න අමාරුයි නම් මං එනකල් ඉන්න "

ටේහ්‍යොන් එයා වාඩි වෙලා හිටපු තැනින් නැගිටින ගමන් කිව්වා

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Onde as histórias ganham vida. Descobre agora