🦋 Chapter 12 🦋

955 237 48
                                    


වෙනදා වගේම අදත් ටේහ්‍යොන් එයාගේ ශොප් එකේ වැඩ ඉවර කරලා බැන්ග්ලෝ එකට ආපු ගමන් ගියේ වොශ් එකක් දා ගන්න . ටේහ්‍යොන් වොශ් එකක් දාගෙන එන කල් ජංකුක් පහලට වෙලා ටැනී එක්ක සෙල්ලම් කර කර හිටියේ ටේහ්‍යොන් එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕනේ උනු නිසා ..

ටේහ්‍යොන් කියන්නේ සාමාන්‍යෙන් වොශ් එකක් දා ගන්න ගියාම ඉක්මනට එන කෙනෙක් නොවෙන නිසා ජංකුක් ටැනී එක්ක දිගටම සෙල්ලම් කර කර හිටියා . මුලදි ටැනීට ජංකුක් ව පෙන්න බැරි උනත් දැන් ටැනීගේ හොදම යාලුවා උනේ ජංකුක් .

ඒ කට හේතුව උනේ ටේහ්‍යොන් නැති වෙලාවට ටැනී එක්ක සෙල්ලම් කරන්න ඉන්න එකම කෙනා ජංකුක් උනු එක . ටේහ්‍යොන් නැති වෙලාවට ටැනී ජංකුක් එක්ක කොච්චර ආදරයෙන් සතුටින් හිටියත් ටේහ්‍යොන් ගෙදර ආවට පස්සේ ටැනී ජංකුක් ව ගනන් ගන්නේ වත් නෑ .

මොකද ටැනීට ජංකුක් ට වඩා එයාගේ ඩෑඩ්ව ගොඩක් වටින නිසා . ජංකුක් ට උනත් ටැනී තමන්ට කරන බලු වැඩේ තේරුනත් ජංකුක් පාඩුවේ හිටියේ ටැනී කියන අසරණයට ටේහ්‍යොන් ඇරෙන්න වෙන කවුරුත් නැති නිසා . ඒත් ඉදලා හිටලා ටැනීට ජංකුක් ට හිංසා කරන්නේ කාටත් හොරා .

ටැනී ජංකුක් බැන්ග්ලෝ එකට ආපු දවසේ ජංකුක් ගේ ගැජමැටික් එක හපපු එක ජංකුක් ට තාමත් හොදට මතකයි ඉතිම් ඒක නිසා ජංකුක් ටැනී නිදා ගත්තම ටැනීගේ මයිල් ගලවන එක වගේම ටැනීගේ පුංචි හොම්බේ රැවුල් ගස් කපන එක තමන්ට කරපු දේට පළිගැනීමක් විදිහට කලා .

" යාහ් ටැනී මූණ ලෙවන්න එපා "

ජංකුක් එක්ක සෙල්ලම් කර කර හිටපු ටැනී එක පාරටම ජංකුක් ගේ මූණ ලෙව කද්දි ජංකුක් ටැනීව ඈත් කලේ ජංකුක් බලු කෙල වලට හේට් කරන නිසා

" ගුටි ඕනෙද නෝටි වැඩ කරන්නේ "

ජංකුක් ටැනීට ඇගිල්ලක් දික් කරලා කිව්වත් ටැනී නම් ජංකුක් ව සතේකට ගනන් නොගෙන ආයෙත්  ජංකුක් ගේ මූණ ලෙව කෑවා

" ඔයාගේ ඩෑඩ්ට මම කියන්නද ඔයා මට වද දෙනවා කියලා "

ජංකුක් ඔන්න ටේහ්‍යොන් ගැන කියද්දි නම් ටැනී ජංකුක් ගේ අත් අස්සට ගුලි උනේ ඉල්ල ගෙන කාලා ටේහ්‍යොන් ගෙන් තමන්ට ලැබෙන කිසස් නැති කර ගන්න ටැනීට කිසිම උවමනාවක් තිබ්බේ නැති නිසා ..

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now