🦋 Chapter 18 🦋

873 224 7
                                    


හදිස්සියෙන්ම ජූන් පැරිස් වලට ආවා කියන කෝල් එකත් එක්කම ටේහ්‍යොන් කඩිමුඩියේ ලෑස්ති උනේ ජූන්ව එක්කන් එන්න එයාපෝට් එකට යන්න . තමන්ගේ වොලට් එකයි කාර් එකේ කී එකයි අතට ගත්තු ටේහ්‍යොන් වෙඩිල්ල වගේ පඩිපෙල දිගේ පහලට ආවා ..

කලබලෙන් පහලට එන ටේහ්‍යොන් ව දැකපු ජංකුක් තමන් කකා හිටපු චිප්ස් ටිකත් එහෙන්මම තියලා ටේහ්‍යොන් ගේ ඉස්සරහින් ඇවිත් හිට ගත්තා

" මොකද "

තමන්ගේ ඉස්සරහ ඉන්න ජංකුක්ගෙන් ටේහ්‍යොන් ඇහුවා

" කොහෙ යන්නද හදන්නේ මේ පණ කඩාගෙන "

" මගේ කසින් කෙනෙක් හදිස්සියෙම පැරිස් ඇවිත් ජංකුක් එයාව එක්කන් එන්න මම මේ එයාපෝට් එකට යන්න හදන්නේ "

" මමත් එන්නද "

" එපා "

" ඇයි අනේ මමත් එන්නම් "

" එතනට ගිහින් කොච්චර වෙලාවක් ඉන්න වෙයිද දන්නේ නෑ ජංකුක් සමහරවිට අපිට පැයක් දෙකක්ම ඉන්න වෙයි "

" එච්චර වෙලා "

" ඔව් ඔයාට එපා වෙයි ඒක නිසා බැන්ග්ලෝ එකටම වෙලා ඉන්න "

" එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකෝ "

" හ්ම් "

කෙටි උත්තරයක් දීපු ටේහ්‍යොන් ආයේ යන්න හදද්දි ජංකුක් ටේහ්‍යොන් ගේ අතකින් අල්ලලා නතර කලා

" ඒ පාර මොකද "

" යන්න කලින් දෙයක් ඉල්ලුවොත් දෙන්න පුලුවන් ද "

" මොකක්ද "

" හග් එකක් "

ජංකුක් තමන්ගේ අත් දෙකත් පිටි පැස්සට කරන් ඇහුවා

" හරි හග් එකක් දෙන්නම් හැබැයි ජංකුක් මට පෙක් එකක් දුන්නොත් "

ටේහ්‍යොන් තමන්ගේ දෙතොල් අතරේ දගකාර හිනාවක් රදව ගන්න ගමන් කිව්වා

" හරී හග් එකක් දෙනවා නම් පෙක් එකක් දෙන්නම් "

" කෝ ඉතිම් ඉක්මනින් දෙන්න මට පරක්කු වෙනවා "

" පුදුම හදිස්සියක්නේ චුට්ටක් ඉන්න "

ටේහ්‍යොන් ට පුංචි සද්දයක් දාපු ජංකුක් තමන්ගේ ඇගිලි වලින් ඉස්සිලා ටේහ්‍යොන් ගේ කම්මුලට ලං උනේ පෙක් එකක් දෙන්න ජංකුක් ටේහ්‍යොන් ගේ කම්මුලෙන් පෙක් එකක් තියන්න ලං වෙනවත් එක්කම ටේහ්‍යොන් තමන්ගේ කම්මුල හැරෙව්වේ ජංකුක් ගේ පෙක් එක ටේහ්‍යොන් ගේ තොල් වල නතර වෙද්දි

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now