🦋 Chapter 23 🦋

853 216 9
                                    


At the morning 🌄

සුන්දර උදෑසනක කිම් බැන්ග්ලෝ එකේ කට්ටියම හිටියේ කෑම මේසේ වාඩි වෙලා මොකද මේ ගෙදර මොනවා හරියට සිද්ද වුනේ නැතත් කන බොන එක නම් හරි වෙලාවටම සිද්ද වුනු නිසා

වික්ටෝරියා කෑම ටික මේසේ පිරෙන්නම ගෙනත් තියද්දි කට්ටියගෙ බඩගින්න එන්න එන්නම වැඩි වුනා .. කෑම සේරම වගේ වික්ටෝරියා මේසෙන් තියලා ඉවර වෙද්දි කට්ටියම කෑම වල රස බලන්න ගත්තේ හරි හදිස්සියෙන් ...

වෙනදා වගේම ජංකුක් වික්ටෝරියගේ කෑම වර්ණනා කර කර කද්දි ටේහ්‍යොනුත් ඉතිම් පුරුදු විදිහටම කනවට වඩා ජංකුක් දිහා හොරෙන් බලන් හිටියා ඒත් වික්ටෝරියගේ කෑම වල අතරමං වෙලා හිටපු ජංකුක් ට ඒ ගැන නම් ගානක් නෑ

" ඔප්පා "

ජෙනී කෑම කන ගමන්ම ටේහ්‍යොන් ට කතා කරද්දි ටේහ්‍යොන් ජෙනී දිහා බැලුවා

" කියන්න පැටියෝ "

උණු උණුවෙන් තියෙන තොබොක්කි කෑල්ලක් කටේ දා ගන්න ගමන් ටේහ්‍යොන් ජෙනී ගෙන් ඇහුවා

" ඔප්පා අද ෆ්ලවර් ශොප් එකට යනවා නම් මාවත් එක්කන් යනවද මම කවදාවත් ඒකට ගිහින් නෑ අනික ජංකුක් ඔප්පත් කිව්වා ඔප්පගේ ෆ්ලවර් ශොප් එක ගොඩක් ලස්සනයි කියලා "

ජෙනී තමන්ගේ කටත් උල් කර කර ජංකුක් වත් පෙන්නලා කියද්දි ටේහ්‍යොන් ට නිරායාසයෙන් ම බැලුනේ ජංකුක් දිහා ඒත් ජංකුක් ට අඩුම ගානේ තමන්ගේ නම කියපු එක ගැන වත් ගානක් නෑ කොල්ලා ලොකු රාමෙන් එකකට වැඩේ දෙනවා ..

ඒක දැකපු ටේහ්‍යොන් තමන්ගේ ඔලුවත් දෙපැත්තට වනලා ආයෙත් ජෙනී දිහාවට තමන්ගේ ඇස් යොමු කලා .. ඒ වෙනකොට ජෙනී හිටීයේ තමන් අහපු දේට ටේහ්‍යොන්ගෙන් සතුටු වෙන්න පුලුවන් උත්තරයක් ලැබෙන කල් ..

" අනේ ඔප්පා මාව එක්කන් යනවද "

ජෙනී බෙගින් අයිස් වලින් ඇහුවත් ටේහ්‍යොන් ට පුලුවන් කමක් තිබ්බේ නෑ ජෙනීව එක්කන් යන්න

" පැටියෝ අද සදුදා ඉතිම් මට වැඩ ගොඩාක් තියෙන දවසක් .. ඉතිම් ඒක නිසා ඔප්පා පොරොන්දු වෙන්නම් ඔයාව වෙන දවසක එක්කන් යනවා කියලා "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now