🦋 Chapter 11 🦋

937 238 53
                                    


ජංකුක් එහෙන්මම ටිකක් වෙලා පහල ඉදලා හිමින් හිමින් පඩිපෙල නැගලා කොරිඩෝව දිගේ දිගටම ගියා . තමන්ගේ කාමරේ වගේම ටේහ්‍යොන් ගේ කාමරෙත් පහු කර ගෙන ගියපු ජංකුක්ගේ ඇස් ගියේ බාගෙට දොර ඇරුනු කාමරේකට .

ඉතිම් ඒකෙ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා කුතුහලයක් ඇති උනු ජංකුක් හිමීට ඒ කාමරේට ඔලුව දැම්මා . ඒත් ඒකේ ඇතුලේ තිබුනේ තමන් කීයට වත් බලාපොරොත්තු නොවුනු දෙයක් නිසා ජංකුක් එක එල්ලේ ඇතුලත දිහා බලන් හිටියේ පුදුමයෙන් වගේ .

" වාහ්හ් බැන්ග්ලෝ එක ඇතුලේ ලයිබ්‍රි එකක් තියෙනවා කියලා මම කීයට වත් හිතුවේ නෑ "

ජංකුක් එක එක රාක්ක වල තියෙන පොත් දිහා බලන් කිව්වේ ඇසුත් ලොකු කර ගෙන ..

" ටේටේ හියුන් පොත් කියවන කෙනෙක් කියලා නම් විශ්වාස කරන්නත් බෑ "

ජංකුක් පියවරෙන් පියවර පොත් රාක්ක පසු කරන ගමන් කිව්වේ ඒ හැම පොතක් දිහාම හොදින් බලන ගමන් . තමන්ගේ ඇගිල්ලෙන් හැම පොතක්ම ස්පර්ෂ කරපු ජංකුක් එක පොතක් ගාවින් තමන්ගේ ඇගිල්ල නතර කලා .

තනි රතු පාට කවරයකින් යුත් ඒ පොත අනිත් පොත් අතරින් හොදටම කැපිලා පෙනුනේ අනිත් පොත් වලට වඩා ඒ පොත තද පාටකින් යුක්තව තිබුනු නිසා . පොත අතට ගත්තු ජංකුක් පොතේ නම තරමක් සද්දෙන් කියෙව්වා

" Lost in paris "

පොතේ නම කියවලා ඉවර උනු සැනින් ජංකුක් පොතේ පිටු කීපයක්ම පෙරලලා බැලුවා .

" බැලූ බැල්මට නම් මට පේන්නේ මේ පොත රුසියානු සාහිත්‍ය පොතක් වගේ "

ජංකුක් පොතේ පිටු පෙරලන ගමන්න මිමිනුවා .

" වාහ් ඇත්තටම interesting '

පොතේ තියෙන දේවල් දැක්කම ජංකුක් ට ඇත්තටම ඕනේ උනේ ඒ පොත කියවන්න ඒත් ජංකුක් කියන්නේ ඇත්තටම පොත් කියවන ජාතියේ කෙනෙක් නම් නෙමේ

" ආහ් මට මේ පොත ඕනෙමයි ඒත් හියුන්ට නොකියා පොත ගෙනිච්චොත් මට අනිවාර්යයෙන්ම එයා බනියි .. එක්කෝ හියුන් ආවම මම එයාගෙන් අහලම පොත ගන්නවා . ඒක මගේ ඇගටත් ගුණයි "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔حيث تعيش القصص. اكتشف الآن