🦋 Chapter 21 ( Pt 2 ) 🦋

1K 221 24
                                    

" ඔහ් ටේ කාර් එක ඔතනින් නතර කරන්න "

තරමක් විශාල විලා එකක් යැයි සැලකිය හැකි නිවසක් ඉදිරියේ රෝස් වාහනේ නතර කරන්න කියලා ටේහ්‍යොන් ට කියද්දි ටේහ්‍යොන් කාර් එක හරියටම විලා එක ගාවින් නතර කලා

" ඔහ් කුමාවෝ  ටේ "

" ඕක මොකක්ද රෝස් "

" ටේ ඔයා ආපු එකේ අපි යමු ඇතුලට මොනා හරි බීලම යන්න පුලුවන් නේ "

" අනේ දැන් බෑ රෝස් මං පස්සේ දවසක එන්නම්කෝ ... අනික පාක් අන්කල් එක්කත් මට කතා කරන්න ඕනේ "

" ඔහ් එහෙනම් අනිවාර්යයෙන්ම එන්නකෝ ඕනේ වෙලාවක අපේ ගෙදර දොර ඔයාට ඇරිලා "

රෝස් එහෙම කියද්දි ටේහ්‍යොන් රෝස්ට සුහද හිනාවක් සංග්‍රහ කලා

" ගුඩ් නයිට් එහෙනම් මම යනවා ටේ .. පරිස්සමෙන් ඔයා ආපහු යන්න "

" හරි රෝස් බායි ඔයාටත් ගුඩ් නයිට් "

ටේහ්‍යොන් එහෙම කියද්දි රෝස් ටේහ්‍යොන් ව හග් කරලා කාර් එකෙන් බැහැලා විලා එකට ගියා .. රෝස් යන කල්ම කාර් එකේ ඉදන් බලන් හිටපු ටේහ්‍යොන් රෝස් ගියාට පස්සේ කාර් එක ස්ටාට් කරන් ආපහු බැන්ග්ලෝ එකට එන්න පිටත් උනා

පොඩි වාහන තදබදයක් තිබුනු නිසා ටේහ්‍යොන් ස්ලෝව් එකේ කාර් එක ඩ්‍රයිව් කරන් එන අතර තුරදි දැක්කේ ටෙඩී ශොප් එකක ඉස්සරහින්ම තියලා තියෙන කුකී පිලෝ එක .. ඒක දැක්ක ගමන් ටේහ්‍යොන් ට මතක් උනේ ජංකුක්ව ..

ඒක නිසාම කාර් එක හිමීට පාරේ අයිනෙන් නතර කරපු ටේහ්‍යොන් ඉක්මනට ශොප් එක ඇතුලට ගිහින් කුකී පිලෝ එකත් අරන් කාර් එකට නැග්ගේ පුදුම සතුටකින් .. ටේහ්‍යොන් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි උනාට පස්සේ කුකී පිලෝ එක එහා සීට් එකෙන් තියලා ටේහ්‍යොන් ඒකටත් සීට් බෙල්ට් දැම්මා

" අද ඔයා ඔතන හිටියට දවසක ඔතන අයිති වෙන්නේ එයාට "

ටේහ්‍යොන් කුකී පිලෝ එක දිහා බලා ගෙන මුමුණලා *giggle smile* එකක් එක්ක කාර් එක ආපහු බැන්ග්ලෝ එකට ඩ්‍රයිව් කරන්න ගත්තා .. වාහන තද බදෙත් තරමක් දුරට පහව යද්දි ටේහ්‍යොන් ජෙට් එක වගෙව් බැන්ග්ලෝ එකට ආවා

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now