🦋 Chapter 28 🦋

824 219 11
                                    


In the morning 🌄 ....

උදේම අවදි උනු ටේහ්‍යොන් නැගිටපු ගමන් බැලුවේ කලින් දවසේ රෑ තමන්ගේ උණුහුමේ ගුලි වෙලා හිටපු ජංකුක් කෝ කියලා . ඒත් ජංකුක් තමන්ගේ තුරුලේ නෑ කියලා දකිද්දි ටේහ්‍යොන් ඉද්ද ගැහුවා වගේ තමන්ගේ ඇදෙන් නැගිට්ටා

කාමරේ වටේ ඇස් යැව්වත් ටේහ්‍යොන් ට ජංකුක් ව දැක ගන්න බැරි උනු නිසා ටේහ්‍යොන් ජංකුක් ගේ නමින් කීප වතාවක්ම කතා කලා . ඒත් ඒ කිසිම අවස්ථාවකට ටේහ්‍යොන් ට ජංකුක් ගෙන් පිලිතුරක් ලැබුනේ නෑ

එක පාරටම හමා ගෙන ආව සුලං පාරක් එක්ක ටේහ්‍යොන් සුලං ආපු දිහාවට හැරෙද්දි ටේහ්‍යොන් දැක්කේ තමන්ගේ බැල්කෙනියේ දොර විවෘත වෙලා තිබෙනවා . සුලංගත් එක්ක ටේහ්‍යොන් ඒ දිහාවට ඇදී ගෙන ගියේ කුතුහලයෙන් .

හිමින් සීරුවේ බැල්කෙනියට එබුනු ටේහ්‍යොන් ට දැක ගන්න පුලුවන් උනේ බැලකනියේ අත් වැටට හේත්තු වෙලා ලස්සන ගීතයක් මුමුණ මුමුණ ඉන්න ජංකුක් ව . ස්වීට් ශෝට් එකක් වගේම ටේහ්‍යොන් ගේ ඕවර් සයිස් ටී එක නිසා ජංකුක් ව පෙනුනේ හුරුබුහුටියට .

සද්ද නොකරම ජංකුක් ගාවට ලං වුනු ටේහ්‍යොන් ජංකුක් ව බැක් හග් කලේ තමන්ගේ නිරුවත් පපුවේ උණුසුම ජංකුක් ට හොදින් දැනෙන්නට අරිමින් . ජංකුක් උනත් කලබල නොකර ටේහ්‍යොන් ගේ පපු තුරුලේ හිටියේ තමන්ගේ හිත පවා ඒ උණුසුමට ආසා උනු නිසා

ජංකුක් ගේ බෙල්ල මුලුල්ලේ තමන්ගේ මුහුණ සගවා ගත් ටේහ්‍යොන් තමන්ගේ නහයෙන් ජංකුක් ගේ බෙල්ල පා මුල කිතිකවන්න ගද්දි ජංකුක් ගේ කටින් පිට උණේ සිනහා වෙන් පිරී ගිය හඩක් . ජංකුක් ගේ හිනාවත් එක්ක ටේහ්‍යොන් තමන් කරන දේ දිගටම කරන්න ගත්තේ තමන් ජංකුක් ගේ හිනාවට ඒ තරම්ම ආදරය කරන නිසා

" අනේ හියුන් නවත්තන්නකෝ මට කිතිකැවෙනවා "

ජංකුක් සිනහ වෙන අතරෙම මිමිණුවත් ටේහ්‍යොන් ට නම් ඒ ගැන වගේ වගක් තිබුනු බවක් නම් පේන්න තිබුනේ නෑ . ජංකුක් ගේ සිනහව අතරෙම ජංකුක් ව තමන්ගේ පැත්තට හරව ගත්තු ටේහ්‍යොන් තමන්ගේ අත් අතරට ජංකුක් ගේ මූණ මැදි කර ගත්තා .

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now