🦋 Chapter 19 🦋

932 231 10
                                    


At the evening 🌉

ටේහ්‍යොන් ගේ පුංචි පුස්තකාලය ඇතුලට වෙලා ලස්සන ආදර කතාවක අතරමං වෙලා හිටපු ජූන් තමන්ගේ අතේ තිබ්බ පොතෙන් ඇස් අහකට අර ගත්තේ විනාඩි ගානක් තිස්සේ ටේහ්‍යොන් කෝෆි එකක් අතේ තියන් තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න නිසා

පොත වහලා මේසේ පැත්තකින් තියපු ජූන් ඉස්සරහ තියෙන හිස් පුටුව ටේහ්‍යොන් ට පෙන්නද්දි ටේහ්‍යොන් තමන්ගේ අතේ තිබුනු කෝෆි එකට ජූන්ට දීලා පුටුවෙන් හරි බරි ගැහිලා වාඩි උනා

" හියුන් මම හිතනවා මේ වෙලාව තමා කතා කරන්න හොදම කියලා "

" මාත් ටේ ලයිබ්‍රි එකට එනකල්ම තමා හිටියේ ඒ ගැන කියන්න "

" ඉතිම් මොකක්ද උනේ "

" මම ජෙනී එක්ක කතා කලා ටේ "

" ඉතිම් එයා මොනවද කිව්වේ "

ටේහ්‍යොන් නොයිවසිල්ලෙන් විමසද්දි ජූන් කලේ කිසිම කලබලයක් නැතුව කෝෆී කෝප්පය තොලින් තෙත් කරපු එක

" ජෙනී ඔයාව මුණ ගැහෙන්න කැමතී කිව්වා ඒත් එයා කිව්වා ඔයාට එයාව හම්බ වෙන්න එන්න එපා කියලා "

" මොකක්ද ඒ කතාවේ තේරුම මුණ ගැහෙන්න කැමතී නම් ඇයි එන්න එපා කියන්නෙ "

" ආයිශ් තමුසෙට පොඩ්ඩක් මැද්දෙන් පනින්නේ නැතුව ඉන්න පුලුවන් ද ඉස්සර වගේමයි දෙයක් කියන්න කලින් මෙතන නැට්ට පාගගෙන දගලලා ඉවරයි "

ජූන් ටේහ්‍යොන් ට ඇගිල්ලත් දික් කරලා කෑ ගහද්දි ටේහ්‍යොන් කලේ අහක බලා ගත්තු එක

" හරි හරි ඕකට ඔච්චර කෑ ගහන්න ඕනේ නෑනේ කියන්නකෝ ඉතිම් ටික "

" ජෙනීට ඕනෙලු පැරිස් වලට ඇවිත් ඔයාව මීට් වෙන්න "

" වෝව් ඒක නියමයිනේ "

" නියමයි නම් තමයි ඒත් ජෙනීගේ පස්සෙන් සමුච්චන් බොඩි ගාඩ්ලව දාලලු තියෙන්නේ ඉතිම් ජෙනී යන යන තැන එයාලත් ජෙනී එක්කම යනවා ඉතිම් එහෙම එකේ ජෙනී පැරිස් ඇවිල්ලා ඔයාව මීට් වෙනවා කියන්නේ ලොකු විනාසයක් "

" ඒත් ජෙනීගේ බොඩි ගාඩ්ස්ලා මාව අදුරන්නේ නෑනේ "

" මෝඩයා තෝව අදුරන්නේ නැති උනාට ජෙනී කාවද ආශ්‍රය කරන්නේ කවුරු එක්කද ඉන්නේ මේ සේරම උන් සමුච්චන් ට කියනවා එතකොට සමුච්චන් දැන ගනී ජෙනී ඉන්නේ එයාගේ ඔප්පා එක්ක කියලා "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now