🦋 Chapter 22 🦋

1K 232 13
                                    


After one week later ...
At the Airport 🛫🛬

" අර්ර් තාම එයා නෑනේ හියුන් තව කොච්චර වෙලා ඉන්න වෙයිද "

" ෆ්ලයිට් එක එන්න තව විනාඩි දහයක්ම තියෙනවා ටේ ඒක නිසා බොරුවට නටන්නේ නැතුව මෙන්න මෙතනින් වාඩි වෙලා ඉන්නවා"

ජූන් ටිකක් සැරෙන් වගේ ටේහ්‍යොන් ට කියද්දි ටේහ්‍යොන් ඇවිත් ජූන් ගාවින්ම වාඩි උනා .. දෙන්නම මේ එයාපෝට් එකට ඇවිත් ඉන්නේ වෙන මොකක් නිසා වත් නෙමේ ජෙනී අද පැරිස් වලට එනවා කියලා කලින් කියපු නිසා

ඉතිම් ටේහ්‍යොන් නම් ඉන්නේ තමන්ගේ නංගිව බලන්න ඇගිලිත් ගැන ගැන .. අවුරුදු ගානකට පස්සේ ටේහ්‍යොන් මේ ජෙනීව බලන්නේ ඇත්තටම කිව්වොත් ටේහ්‍යොන් ජෙනීගේ රූපේ ෆොටෝ එකකින් ඇරෙන්න හැබැහින් දැකල තිබ්බේ නෑ

" ඔහ් ටේ අන්න ජෙනී එනවා "

ජූන් වාඩි වෙලා ඉන්න තැනින් නැගිටලා දුර තියාම ජෙනීට අත වනන්න ගද්දි ජෙනිත් ජූන්ට අත වැනුවා

" අනේ හියුන් මගේ කෙල්ල ගොඩක් ලස්සනයිනේ "

" ඔව් එයා ගොඩක් ලස්සනයි "

" මේ මම දුවලා ගිහින් එයාව උස්සන් එන්නද "

" යහ්හ් පිස්සුද උබට .. ජෙනී කියන්නේ දැන් ලොකු කෙල්ලෙක් නැතුව ඉස්සර උබ එක්ක වැලි බත් හදපු අවුරුදු අටේ කෙල්ලෙ නෙමේ "

ජූන් ටේහ්‍යොන් ගේ මෝඩ කතාවට එහෙම කියද්දි ටේහ්‍යොන් තමන්ගේ මූණ අකුල ගත්තා මොකද ජෙනී දැන් තරුණ ගෑනු ලමයෙක් උනාට ටේහ්‍යොන් ට ජෙනී කියන්නේ තාමත් අවුරුදු අටේ හිටපු පුංචි කෙල්ලමයි

ජෙනී තමන්ගේ ලැගේජ් එකයි ට්‍රැවලින් බෑග් එකයි හිමින් සැරේ ජූන් ටේහ්‍යොන් දෙන්නා ඉන්න ගාවට අරන් ඇවිත් ඒ හරියෙන් තියලා .. පැනපු ගමන් ටේහ්‍යොන් ව හග් කලා

" ඔප්පා මට ඔයාව ගොඩක් මතක් උනා "

ජෙනී ටේහ්‍යොන් ගේ බෙල්ල බදා ගෙන පොඩි ඉකියකුත් එක්ක කිව්වේ තමන් මේ තමන්ගේ සහෝදරයගේ උනුහුම විදින්නේ අවුරුදු ගානකට පස්සේ නිසා

" මටත් ඔයාව ගොඩක් මතක් උනා පැටියෝ "

ටේහ්‍යොන් තමන්ව බදා ගෙන ඉන්න ජෙනීව තව ටිකක් තදින් බදා ගන්න ගමන් ජෙනීගේ හිස හිමින් පිරිමදින ගමන් කිව්වා

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now