Chapter 09

95 12 0
                                    

💖Minji pov💖

ඒ පාර මොන බේසමක් පෙරලෙන්න යනවද දන්නැ.

🐯මොකද්ද බං අර පොඩි ප්‍රශ්නෙට උත්තර දෙන්නත් බැරි උනාද?

💖ඇයි ඔයා ඒකට උත්තරේ දැනන් හිටියද?

🐯හි හි...නැ හැබැයි. 😁

💖ඒක නේ.. අනික දැන් පහ වසර ඒවා මතක තියන් ඉඳලා මොනා කරන්න ද...?? මෙතන වැරැද්ද අපේ නෙවෙයි අර වට කෙස් මැද හිස්ගේ. එයා කොලේජ් එකේ ප්‍රශ්න අහන්නේ නැතුව පහ වසරේ ප්‍රශ්න ඇහුවේ නැත්තම් මං හරි උත්තරේ දෙනව නේ.. 😑

⏰️ට්‍රිං ට්‍රිං ට්‍රිඊඊඊං⏰️

🐯හදලා හදලා.. 😂

💖මොකද්ද???

🐯බෙල් එක 😂

💖අහ්හ් ඔව්මයි නේ.. 😂

🐯දැන් යමු අපිට එන්න කිව්වා නේ.

🪴At staff room🪴

💢තුන් දෙනාම මෙතනට එන්න. මං ඔයාලට මෙතන එන්න කිව්වෙ ලබන සතියේ ඔයාලගේ අන්තිම විභාගෙත් තියෙන නිසා ඒ ගැන කතා කරන්න. පන්තියේ අනිත් ළමයි වගේ නෙවෙයි ඔය දෙන්න වැඩිය ඉගෙනගන්න මහන්සි වෙන්නෙ නැ. මං හිතන්නේ තාම විභාගේ කියලා පාඩම් කරන්න පොතක් අල්ලලාවත් නැතුව ඇති.

ඒත් ජන්ග්කුක්ට හොඳට ඉගෙනගන්න පුළුවන්. මං එයාගේ ප්‍රගති වාර්තා බැලුව, ඒවත් හොඳයි. ඒ නිසා මං හිතුව ඔයාලා දෙන්නවත් ජන්ග්කුක් එක්ක පාඩම් කරන්න දාන්න. එතකොට දන්නේ නැති දෙයක් තිබ්බොත් එයාගෙන් හරි අහගන්න පුළුවන් නේ.

ජන්ග්කුක්ගේ අකමැත්තක් නැත්තම් මේ දෙන්නව ඔයාගේ ගෙදරට එක්කන් ගිහින් වැඩ ටික කරන්න. මොකද මට මේ දෙන්නව පොඩ්ඩක්වත් විශ්වාස නැ. කොයි වෙලෙත් ජඩ වැඩමයි කරන්නේ.

🐰හරි සර්. මගේ අකමැත්තක් නැ. මං මේ දෙන්නව අපේ ගෙදර එක්කන් ගිහින් කියලා දෙන්නම්.

යකෝ මේකා... හහ්!!! බලමුකෝ පුතේ ඔයා මට උගන්නන්නේ කොහොමද කියලා. ඉස්කෝලේ ටීචර් කෙනෙක්ට තියා මමීටවත් බැරි උනා මට උගන්නන්න. බලමුකෝ මෙයා කොහොමද කරන්නේ කියලා😑

💢හරි එහෙනම් ඔයාලා දෙන්නටත් ප්‍රශ්න නැත්තම් තුන් දෙනාටම ගෙවල් වලට යන්න පුළුවන්.

•°ʏᴏᴜ ᴀʀᴇ ᴛʜᴇ ᴄᴀᴜꜱᴇ ᴏꜰ ᴍʏ ʜᴇᴀʀᴛʙᴇᴀᴛ°• (Completed)Where stories live. Discover now