🎀 CHAPTER 03 🎀

998 208 143
                                    

පෙර කොටසින් 👇
ඒ එක්කම ජාන්ට කෑගැස්සෙද්දි බෝට පෙනි පෙනි ජාන්ව සිහි නැතිවෙලා වැටුනා. බෝ වියරුවෙන් උන් හැම එකෙක්ටම ගැහුවා දැන් බෝ හෙම්බත් වෙලා අරුන් බිම ඒත් බෝ ජාන් ගාවට යන්න හදනකොටම වාහනේකින් පොල්ලක් ගත්තු එකෙක් බෝගෙ පිටිපස්සෙන් ඇවිත් ඔලුවට ගහපු පාර බෝත් සිහිය නැතිවෙලා ජාන්ගෙ ඉස්සරහටම වැටුනා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

බෝට ඔලුව පිටිපස්සෙන් එන වේදනාවක් එක්ක සිහිය එනකොට බෝව දණ නමලා කොට යකඩ කණුවකට තියලා ගැට ගහලා. අත් දෙකත් ගැට ගහලා, බෝ ඇස් අරිද්දි දැක්කෙ අඳුරු තැනක්, ලොකු යාඩ් එකක් වගේ තැනක් කන්ටේනර් පෙට්ටි එහෙම තියෙනවා. බෝට හෙල්ලෙන්වත් බෑ. ඒ එක්කම බලද්දි බෝට ටිකක් ඉස්සරහින් ජාන්ව හිට්ටෝලම කණුවක ගැටහලා, බෝගෙ වගේම අත් ගැටගහලා, හැබැයි කටත් ගැට ගහලා තිබුණෙ. ජාන්ට සිහිය නෑ ඇස් පියවිලා බෙල්ල කඩාගෙන වැටිලා. ජාන්ගෙ කොට් එකයි ටයි එකයි එතනම බිම ශර්ට් එක උඩට දාලා බොත්තම් ගලවලා දාලා, බෝට දැක්ක ගමන් කෑගැස්සුනා....

🦁: අනේ.... මගෙ බෝල ඇස්

බෝට මුකුත් කරගන්න බෑ. අර ගැට මොන විදියකින්වත් ගලව ගන්න බෑ.... ඒ එක්කම බෝට සද්දයක් ඇහුනා කෙනෙක් සැර උස් හඬකින්,

👿: ඒහ්... වරෙල්ලා.... අරුන්ගෙන් එකෙක්ට සිහිය ඇවිල්ලද කොහෙද

ඒ එක්කම කලු ඇඳගත්ත මූණූ වහගත්ත මිනිස්සු හත් අට දෙනෙක් විතර ඇවිල්ලා එක එක තැන්වල හිට ගත්තා. ඒත් එක්කම බෝ

🦁: උබලා කවුද කියපන් ඇයි අපිව මෙහෙට ගෙනාවෙ

ඒත් එක්කම කෙනෙක් ඇතුලට එනගමන් උස් හඬින් හිනාවකින්,

👿: හහ්හා...... ගෙනාවෙද උබලත් එක්ක බට්ටො පයින්න

මූණ වහගත්ත උස මහත කොල්ලෙක් ඇවිල්ලා බෝ ඉස්සරහින් හිටගත්තා. දැන් බෝ ඉන්නෙ බෙල්ල උස්සලා ඌ දිහා බලාගෙන, ඌ රස්තියාදු විදියට ඔලුව උස්සලා බෙල්ල එහෙ මෙහෙ කරලා බෝගෙ ගානට නැවිලා,

"උබ කොහෙන් ඇවිල්ලද මැද්දෙන් පැන්නෙ අහක යන බාල්දි පෙරල ගන්න හහ්"

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now