🎀 CHAPTER 32 🎀

648 135 84
                                    

පෙර කොටසින් 👇
අරුන් එලියෙ ශූ එලියට ගිහින් ආයි බෙල්ල ඇතුලට දාලා

ශූ: රිද්දන්නෙපා.... පව් නේහ්..... ආහ්....

ඒ එකක්ම ජාන් ටේබල් එක උඩ තිබ්බ පෑනෙන් ගැහුවත් පෑන දොරේ වැදුනා ශූ දිව්වා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

ජාන් එදා ඔෆිස් එකෙන් එනකොට රෑ උනා. බෝ ඇවිල්ලා apartment එකට වෙලා game play කර කර ඔහේ කාලෙ ගෙව්වා. බෝ දවල් ඉදලා තනියෙන්, ජාන් එන සද්දෙ ඇහුන ගමන් බෝ හැංගිලා බලන් හිටියා මොකද කරන්නෙ කියලා. ජාන් ඇතුලට ඇවිල්ලා lights on කරගෙන රූම් එකට ගිහින් එයාටම

"අද ඇවිල්ලත් නෑනෙ, ඊයෙ ඇහුවම කිව්වා එනවමයි කියලා, මට වඩා බිස්නස් එක ලොකුයි හහ්"

බෝ අල්මාරිය ඇතුලෙ ඉදන් අහන් ඉන්නෙ බෝට හිනත් යනවා, හිනාව තද කරගෙන තව ටිකක් අහගෙන හිටියා.

"කෝල් එකක්වත් දීලද ආයිශ්.... ඒත් නෑ... දැන් මං ගැන කිසිම ගානක් නෑ. ඉස්සර කොහොමද කොහෙන් ගියත් මං දිහා බලාගෙන දැන් ගානක් නෑ. අනේ දැන් එපා වෙලාද දන්නෑ.... හහ් ඉතින් මට මොකෝ මාව එපානන් මටත් එපා"

එහෙම කියලා blazer එක ගලවලා පොලේ ගහනවා වගේ ඇඳට දාලා, අනිත් පැත්ත හැරෙනකොට බෝ පිටිපස්සෙ, ජාන් බලලා අහක බලලා ආයි බලලා

"මොකෝ හිනාවෙන්නෙ හරි ජොලි ඇති නේද"

ඒ එක්කම බෝ

"මං ආවා ඉතින් බලලා යන්න, ඒත් කොහෙද තරහා ගිහින්නෙ"

"ඇහ්..... ඇත්තමද...."

එහෙම කියලා බෝව ඇල්ලුවා ජාන්ට පුදුමයි ඒ එක්කම රවලා බෝව පස්සට තල්ලු කරලා දාලා

"හරි දැන් බැලුවනෙ, යනවා ඉතින්"

"යන්නත් කියනවද දැන්"

"ඇයි දැන් කිව්වේ බලලා යන්න ආවේ කියලා, යනවා ඉතින් අල්ලගනී මං"

"ඔච්චර පුපුරන්න එපා හාවෝ...."

එහෙම කියලා ජාන් දඟලද්දි බෝ ජාන්ව බදාගත්තා. ජාන් ඇල්ලුවෙවත් නෑ රවාගෙන ඉන්නවා. බෝ ගොඩක්වෙලා එහෙම ඉදලා තමයි අතෑරියෙ.... ඊටපස්සෙ ජාන් රවාගෙන ටවල් එකත් අරං bathroom ගියා. ඔය බොරු තරහා bathroom එක ඇතුලට ගිහින් ශවර් එක ඇරගෙන ඇතිවෙන්න පිස්සු නැටුවා. දෙපාරක් විතර ලිස්සන්නත් ගියා.... ජාන් ඇඳුමක් හොයන අතරෙ බෝ ලඟට ගිහින් පැත්තෙන් ජාන්ගෙ මූණට එබිලා

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ