🎀 CHAPTER 22 🎀

727 162 124
                                    

පෙර කොටසින් 👇
"යා.... ඉරිසියා නොකර ඉන්නවා හරි..."

"අපෝ..... මට වැඩේමනෙ ඉරිසියා කරන්න හහ්"

ඒත් එක්කම ඩොක්ටර් ආපු නිසා යාන්තමින් රණ්ඩුව නතර වුනා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

පහුවදා බෝගෙ බෙහෙත් අලුත් කරා. ඒ වෙලාවෙ බෝ හරි අමාරුවෙන් ඉවසගෙන හිටියෙ, අම්මා දන්න නිසා ලඟම හිටියා. ජාන් පලාතක ආවේ නැත්තෙ එයාට ඒවා බලන් ඉන්න බැරි නිසා. ඒ සේරම ඉවර වුනාම ජාන් හැදුවෙ බෝට රසම් එකක් පොවන්න. ඒත් බෝ ආස නෑ ඒවා බොන්න

"ම්හ් ම්හ් මට එපා ඕවා, ඈහ් මෙලෝ රහක් නෑ ඕවා......"

"චුට්ටක් බොන්න චුට්ටම චුට්ටක්"

ඒ පාර බලකිරිල්ලම ටිකක් බිව්වා. ඒ අතරෙ තමයි රිසෙප්ශන් එකේ වැඩ කරන අනිත් කෙල්ලො දෙන්නා බෝව බලන්න ආවේ. බෝගෙ මූණෙ මල් හතයි. කෙල්ලො දෙන්නා හිනාවෙලා මල් පොකුරු දෙක දුන්නා. ජාන් පැත්තක ජාන්ව පේන්නෙත් නෑ දැන් බෝට... ඒපාර අර කෙල්ලො දෙන්නා එක්ක හරි හරියට කයිය. එයාලා ගෙනාපු කෑම සේරම බෑග් වලින් අරගෙන බෝට දෙනවා. බෝ ආස කෑම ජාතිලු ගෙනල්ලා තියෙන්නෙ, ජාන් සෝෆා එකේ වාඩිවෙලා coffee එකක් බොන ගමන් කින්ඩියට ඒවා දිහා බලන් ඉන්නවා. බෝට රවනවා, බෝත් රවනවා. කෙල්ලන්ට හරි සතුටුයි බෝට දැන් ටික ටික හොඳවෙනවනේ, ඒ අතරෙ එක කෙල්ලෙක් අර ඉතුරු කරපු රසම් ටික පොවන්නද ඇහුවම බෝ ගානක් නැතුව හා කිව්වා. ඒ එක්කම ජාන් ඇස් හීනිකරලා බෝට රවපු පාර බෝත් කට පැත්තට කරා. හරි කැමැත්තෙන් අර රසම් එක බිව්වා ඉතින්, කෙල්ලො දෙන්නා බෝ එක්ක පැය ගානක් උකුලු මුකුලු කර කර ඉදලා යන්න ගියා. ජාන්ටනන් පුදුම තරහයි වැඩේට, ජාන් දොර වහලා එනගමන්

"රසම් එක රහයිද එහෙම පොවද්දි"

"ම්..... මරු"

"එහෙමද හා...."

ජාන් මුකුත් නොකියම සෝෆා එකෙන් වාඩි වුනා. බෝ බ්ලැක් ගාලික් බොවුල් කන ගමන් TV බලනවා. ටිකක් වෙලා බෝ දිහා එක එල්ලේ බලාගෙන හිටිය ජාන් එකපාරට නැගිටලා එයාගෙ බෑග් එක ලෑස්ති කරගෙන ඇඳුමකුත් මාරු කරගෙන ගෙදර යන්න ලෑස්ති වුනේ.... ජාන්ගෙ මේ වෙනස දැක්ක බෝ ඇඳේ වාඩිවෙලා

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now