🎀 CHAPTER 26 🎀

708 148 78
                                    

Wow views 👁 4k 🙈 thank you so much කතාවට ආදරේ කරන ඔයාලා හැමෝටම😘

පෙර කොටසින් 👇
යුවා එහෙම කියලා බෝට ඇහැක් ගහගෙන ගියා. බෝ පැන්නෙ යුවාට ගහන්න ඒත් හරි ගියේ නෑ. Cool drink එකට ඇල්කොහොල් කලවම් කරලා යුවාගෙ වැඩ තමා ඉතින්, අනේ මන්දා ඌගෙ වැඩත්.....

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

ජාන් තමයි කැරකෙන්න වගේ එනකොටම ඇඳට නැගගෙන පිස්සුවක් නටන්න ගත්තෙ, ජාන් ඇඳේ හිටගෙන අත් දෙක දෙපැත්තට දික් කරගෙන කැරකෙනවා. බෝටත් ටිකක් කැරකෙනවා වගේ ඒත් ජාන්ට තරම් ගානක් නෑ..... යුවා රෑට කෑම  කෑවා. මේ දෙන්නා තාම කාලා නෑ යුවාට හිනා දන්නෑ වගේ හිනාව කාගෙන ශේප් එකේ කාලා දෙන්නට කන්න කියලා ඉස්සරහට පැන්නා. ජාන් එක එක පිස්සු කෝලම් කරන්නෙ, රටේ නැති කතා කියෝනවා. බෝටත් හිනා ඒවට බෝ ජාන්ට කන්න කතා කරා ජාන් ඇඳ උඩ දණිස් වලින් හිටගෙන ඔලුව වනනවා බෑලු....

"බනි එන්න කමු කෑවම ඕක හරියයි, ඕක අරූගෙ වැඩක් ඕකත් අපෙන්ම ආතල් ගන්නනෙ බලන් ඉන්නෙ..."

බනි හුරතලේට තොල පිට පෙරලලා බෝ දිහා බලලා

"ඉතින් ශෝයිනේ....., මං ආසයි වෙරිවෙලා ඉන්න"

"අපෝ ඒකනන් ඇත්ත, ඔහොම ඉද්දි ශේප්...."

බනි රවාගෙන ඇඳෙන් බැහැලා බෝගෙ ඉස්සරහට වැනි වැනි එන ගමන්

"මො මොකද්ද කියන්නෙ ආ....., මා...න් ශේප් ඇයි අනිත් වෙලාවට මොකද මොකද ආ...."

දැන් ජාන් බෝගෙ ඉස්සරහා, බෝ ඇස් හීනිකරලා හිනාවෙලා

"ආ.. හරි හරි දැන් ඒක වැඩක් නෑ, දැන් කමු එන්න එන්න"

බනි බාගෙට පියවෙච්ච ඇස් වලින් බෝ දිහා බලාගෙන ටික ටික ඒ පැත්තට බරවෙනවා, බෝත් ටික ටික පස්සට නැගෙනවා. බෝව දැන් මේසෙට හේත්තුවෙලා තියෙන්නෙ, ජාන් මේසෙ දෙපැත්තට අත්දෙක තියලා බෝගෙ මූණට එබිලා ඇස් හීනි කරලා

"මොකද කියන්නෙ, ඇයි මං වෙනවෙලාවට හොඳ නැද්ද ආ..., දෙන්න හිතෙනවා එකක් හොම්බ රිවට් වෙන්න හික් හික්"

ඒ පාර බනිට ඉක්කාව, බෝ බනිව අතින් අල්ලගෙන එක්කන් ගිහින් වතුර පෙව්වා. එතකොට හරි ගියා. ඊටපස්සෙ වාඩිකරවගෙන කැව්වා. මල හොල්මන බෝගෙ මූණ දිහා බලන් කන්නෙ, බෝ ඒ ඇස් මඟැරලා එයත් කන ගමන් හාවට කවනවා. මෙච්චරවෙලා බෝගෙ කට පැත්තෙ තිබ්බ නූඩ්ල්ස් කෑල්ලක් දිහා තමයි හාවා බලන් ඉදලා තියෙන්නෙ, බෝ කතා කරා

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now