🎀 CHAPTER 25 🎀

711 154 91
                                    

පෙර කොටසින් 👇
වෙනදා වගේම ඒ සිංදුව ඉවරවෙනකොට හැමෝගෙම ඇස්වල කඳුලු. සතුටින් ඉන්න අයට පවා ඇඬෙනවා. එතනින් පස්සෙ සේරම වැඩ ඉවරවෙලා පාන්දර වෙලා දෙන්නා ගෙදර ගියා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

ජාන් උදෙන්ම ආයි බෝගෙ ගමට එන්න පිටත් වුනා. අදනන් හිතුවෙ කොහොමහරි හොයාගන්නවා කියලා. ඒ ඇවිල්ලා ජාන් හැමතැනින්ම ඇහුවා බීජිංවල තියෙන company එකේ නම කියලා ඒකෙ වැඩ කරපු බෝයි කෙනෙක්ව අඳුරනවද කියලා. දැන් දවලුත් වෙලා ඒත් ජාන් මඟ ජාන් Market එක ලඟ පාර අයිනෙ වාහනේ නතරකරගෙන වාහනෙන් බැහැලා වටපිට බල බල ඉදලා. නලල වාහනේට ගහගෙන කල්පනා කරනවා බඩු ගන්න market ආපු බෝගෙ අම්මා දැක්කා. දැක්ක ගමන් අම්මට පුදුම හිතුනා අම්මමයි ජාන් ලඟට ගිහින් කතා කරේ.... අම්මා ජාන්ගෙ පිටට අත තියන ගමන්

අම්මා: පුතේ ඔයා මෙහෙ....

ජාන් ඒ හඬත් එක්ක ගැස්සිලා අම්මා දිහා බලද්දිම ජාන්ගෙ ඇස් ලොකු වුනා. හරියට අම්මව දෙයයියෝ එව්වා වගේ ජාන් එකපාරට අම්මගෙ අත්දෙක අල්ලගන්න ගමන්

"අම්මා..... අනේ..... බෝ බෝ කොහෙද"

ජාන්ට හෝ ගාලා ඇඬෙනවා අම්මව බදාගෙන පාරේ අඬනවා. අම්මට හිතාගන්න බෑ ඇයි මේ කියලා

අම්මා: ඇයි පුතේ මේ අඬන්නෙ, මොකද්ද වුනේ....

ජාන් ටක්ගාලා අම්මගෙන් ඈත් වෙලා කඳුලු පිහිදගෙන

"මං අම්මට හැමදේම කියන්නම්, ඉස්සෙල්ලා කියන්න බෝ හොඳින් ඉන්නවා නේද..."

අම්මා: අනේ ඔව් පුතේ ඇයි මේ ඔයා බයවෙලා

අම්මෝ ඒ වචනෙත් එකක් ජාන්ගෙ පපුවට දැනුන හැඟීම කියාගන්න තේරෙන්නෑ. ජාන් අත් දෙකෙන් ඔලුව බදාගෙන ටිකක් වෙලා ඒ විදියටම හිටියා

අම්මා: අනේ.... දරුවෝ ඔය තරන් අඬන්න මොකද වුනේ, එන්න එන්න අපි යමු

"ඉන්න අම්මා වාහනේට නඟිමු"

එහෙම කියලා අම්මවත් වාහනේට නග්ගගෙන සේරම අම්මට කිව්වා. අම්මටත් ඇඬෙනවා ජාන් එකක් නෑර අම්මට කිව්වා. ඒත් ජාන්ට බය හිතුනා බෝට ආදරේ කරන කතාව කිව්වම අම්මා මොන විදියට හැසිරෙයිද කියලා ඒත් අම්මා ඒකට මුකුත් කිව්වේ නෑ. ඊටපස්සෙ දෙන්නා එක්කම එලවලුත් අරගත්තට පස්සෙ, අම්මා ජාන්ව එහෙ එක්ක ගියා. ජාන් ගෙට ඇවිත් වාඩි වුනා. තනි තට්ටුවේ හුරුබුහුටි ගෙයක් ඒත් කිසිම අඩුපාඩුවක් නෑ. හරි නිදහස් පරිසරයක් අම්මා ජාන්ට ඔහොම ඉන්න කියාගෙන ගෙට ගියා. දැන් ජාන්ට බෝව දකිනකන් ඉවසිල්ලක් නෑ. ඇස් රතුම රතුපාටයි මේ ටිකේ අඬලම.... ටික වෙලාවක් ඔහොම ඉද්දි එකපාරට යුවා කෑගහගෙන ගෙට ඇතුල් වුනා.

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now