🎀 CHAPTER 20 🎀

774 160 113
                                    

පෙර කොටසින් 👇
"මාව මැරෙන එකක් නෑ අඬන්නෙපා.... බයවෙන්න එපා රත්තරං...... එහෙම ඔයාව දාලා මට යන්න බෑ. මං එහෙම කරන්නෙ කොහොමද ම්..... මට මේ සුවඳේ උණුහුමේ ඉන්න ඕන, හැබැයි දැන් වුනත් හුස්ම ගියාට කමන්නෑ ඔය තුරුලෙනෙ...."

ඒ වචනෙත් එක්කම බෝව පණ නැතිවෙලා ජාන්ගෙ ඇඟටම බර වුනා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

බෝව surgery එකකට අරං, ඔය අතරෙ පොලීසියෙන් ඇවිල්ලා ජාන්ගෙන් කට උත්තර ගත්තා. ඒත් ඕවා වන්ග් ලූ ඇමති ලස්සනට වහලා දානවා කියලා ජාන් ඒ වෙලාවෙ තියෙන ආවේගෙට පොලීසිය එක්කත් රණ්ඩු කරා. යාලුවො ටික ජාන්ව හරි අමාරුවෙන් control කරගත්තෙ, ජාන් පොලීසියට ඉස්සෙල්ලා වෙච්ච ප්‍රශ්නෙයි ඒක වහපු හැටි ඒ සේරම කිය කිය බැන්නා. තව පොඩ්ඩෙන් ජාන්වත් ඇරෙස්ට් කරනවා. යාලුවො ටික තමයි ජාන් දැන් ඉන්න මානසික මට්ටම ගැන කියලා පොලීසිය ශේප් කර ගත්තෙ, theater එක ඉස්සරහා ජාන් බිම වාඩිවෙලා පිස්සෙක් වගේ අඬනවා. ඇඳුම් වල ලේ පැල්ලම් ඒත් ඒවා ගානක් නෑ. යාලුවො සෙට් එකට ජාන්ව control කරගන්න අමාරුයි. යුවාට මහා රෑ එන්න විදියක් නැතුව බින් ගිහින් යුවාව එක්කගෙන ආවා. ජාන් බිම වාඩිවෙලා කකුල් දෙකට ඔලුව ගහගෙන අඬනවා. ආයි ටිකින් නැගිටිනවා. ඇතුල පේන තැනින් බලනවා. ආයි කකුල් පණ නැති වෙද්දි එහෙම්ම බිම වැටෙනවා. සිහියක් නෑ. යාලුවන්ටත් මාර අප්සට්, යුවා hospital එකේ තියෙන Jesus's Statue ඉස්සරහට වෙලා බෝ ගැන හිත හිත pray කරනවා. ශූ බලන් ඉදලා බැරිම තැන ජාන් ලඟට නැවිලා.

ශූ: මචං අඬන්න එපා බං බෝට මුකුත් වෙන්නෑ...... දැන් ඔපරේෂන් එක කරනවනෙ බං ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.....

ජාන් ශූගෙ උරිස්සට නලල ගහගෙන පිස්සුවෙන් වගේ...

"මං නිසා මං නිසා මේ හැමදේම වුනේ බන් මාව බේරගන්න එයා පැන්නෙ, අනේ මගෙ ඇස් ඉස්සරහම ඇන්නා දෙයියනේ...... අනේ මට බෑ බං කොච්චර රිදෙනවා ඇද්ද.... මාත් එක්ක පණ්ඩිතකමට එකට එක කිව්වට තාම පොඩි කොල්ලෙක් බන්....... ඒක මට වෙන්න තිබ්බෙ අනේ ඇයි ඇයි මැද්දට පැන්නේ....... මාව දාලා යන්න ගියේ අපරාදෙ ආයි නෑවිත් යන්න තිබ්බේ...... මට මොනවා වුනත් කමන්නෑ ඒත් මං නිසා එයාට මෙහෙම අර ඩැරන් ඌ මනුස්සයෙක් වෙන්න බෑ. තිරසනෙක් තිරිසන් බල්ලෙක්...... හිතක් පපුවක් නැතුව ඇන්නා මදිවට ආයි ඇදලත් ගත්තා........ මොන හිතකින්ද බන් එහෙම කරේ..... ඒ වෙලාව මොනතරන් වේදනාවක් දැනෙන්නැද්ද ඌටත් ඇණලම දැනෙන්න දෙන්න ඕන ඒ වේදනාව ආ...............ශ්.............."

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now