🎀 CHAPTER 19 🎀

741 155 100
                                    

පෙර කොටසින් 👇
ඒ පාර හාවා බෝගෙ උරිස්ස කොනිත්තන ගමන්

"ආයිශ් දුශ්ට පිගියා........"

එහෙ කියාගෙන මැදින් ඉස්සරහට පැන්නා. අනේ පොඩි ළමයෙක් වගේ අප්පා ඒ පාර බෙල්ට් එක දාගෙන කකුල් උඩට අරං එරමිණියා ගොතාගෙන ඇස් හුරතලේට ලොකු කරලා

"යං"

බෝට පිස්සු වගේ මේ කෝලම් වලට ඒ පාර දෙන්නම ගෙදර ගියා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

🌄
උදේ දෙන්නම test එක කරන්න ගියා. ලූඕ චිනුත් ඇවිල්ලා හිටියා. පැය තුනකින් විතර තමයි reports දෙනවා කිව්වේ. ජාන්ට පිස්සු වගේ හිත නොසන්සුන් එහෙට මෙහෙට ඇවිදිනවා. බෝනම් කිසිම කැමැත්තකින් නෙමෙයි ගියෙත් ඉන්නෙත් හිතට හරි නෑ. ලොකු බයක් දැනෙනවා. අර කෙල්ලනම් ගානක් නැතුව ඉන්නවා. ජාන් ලඟමයි හෙල්ලෙන්නෑ. බෝට අල්ලන්නෙම නෑනෙ ඒ නිසා බෝ එයාලව නොපෙනෙන හරියකට වෙලා හිටියෙ බෝ පව් ඔලුවට පිස්සු වගේ එක එක ඒවා හිතෙනවා. හැබැයි බෝ එන ඕනම දේකට මූණ දෙන්න හිත හදාගෙන හිටියෙ, කිව්වා වගේම පැය තුනකින් reports ආවා. Doctor ඇතුලට කතා කරාට බෝ ගියේ නෑ දොර ලඟට වෙලා හිටියා. ඒත් කියන හැමදේම ඇහෙනවා. ජානුයි, චිනුයි ඇතුලට ගියහම ඩොක්ටර් කතා කරා. බෝගෙ හිත කෑගහනවා හිතෙන්නෙම අනේ එහෙමනන් වෙන්න එපා වෙන්න එපා කියලමයි.

ඩොක්ටර් පුටුවෙන් නැගිටලා ජාන්ට අත දික් කරන ගමන්

"Congratulations Mr. Zhan DNA report successful, your own baby..... Congratulations Mrs. Zhan...."

ඒත් එක්කම ජාන්ට නැගිට්ටුනා. අතට අත දුන්නෙත් නෑ මොනවද වුනේ කියලා හිතාගන්න බෑ. ටක්ගාලා report එක බැලුවා. ඇත්තක්මද කියලා ආයි ආයි බැලුවෙ. ලූඕ ඩොක්ටට හිනාවෙලා අතට අත දුන්නා. ජාන් රතුවෙලා හීන් දාඩිය දාලා. හැමදේම ඉවරයි. ජාන් ඉක්මන්ට දොර ඇරගෙන එලියට එනකොටත් බෝ නෑ. කොහේ ගියාද දන්නෑ calls ගත්තා. Phone off බෝට මූණ දෙන්න හයියක් ජාන්ට නෑ. ඒත් ජාන්ගෙ යටි හිත කියන්නෙම මේක බොරුවක් කියලා. ඒත් ඇස් වලට පෙනි පෙනි තවත් බොරු කියලා කියන්න බෑනෙ, ජාන් කෙලින්ම ගියේ ගෙදර අම්මත් පුදුම වුනා ජාන් දවස් ගානකින් ගෙදර ආපු එකට, ජාන් පැය ගානක් room එකට වෙලා කල්පනා කරා. ජාන් දන්නවා බෝ ඒක අහගෙන ඉදලා තමයි ගියේ කියලා.

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now