🎀 CHAPTER 33 🎀

631 134 62
                                    

පෙර කොටසින් 👇
හැමෝම ඉන්නෙ හරි සතුටින් දැන් බෝයි බනිත් ඉස්සර වගේ එකට එක කියාගෙන රණ්ඩුවෙන්නෑ, රණ්ඩු කරත් චුට්ටම චුට්ටයි. මොනවා වුනත් දෙන්නට දෙන්නව අවුස්ස ගන්නැතුව ඉන්න හිත නෑ ඉතින්, කොහොමහරි දෙන්නා ඉස්සෙල්ලටත් වඩා ගොඩක් ආදරෙන් දැන් ඉන්නවා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

දවසක් හැමෝම එකට ෂොපින් කරන්න ගියා. වෙඩින් කිට් තමයි හැමෝම බැලුවෙ ඒවා හරි ගියේ නැති නිසා මහන්න දෙන්න තීරණය කරා. ඔන්න හැමෝම තැනට ගියා. ඇතුලට ගිහින් එක එක පැට්න් තෝරනවා. බෝ ටිකක් දුරින් ඉන්න ජාන්ට

"ස් ස් ස් ස්...."

ජාන් හැරිලා බලලා

"ඇයි ඇයි මොකෝ අර කෙල්ලන්ටද ස් පස් ගාන්නෙ ආ...."

බෝ කාටද කතා කරේ කියලා දන්නෙ බෝ විතරනෙ.... ජාන් අරෙහෙම කියපු නිසාම බෝ ජාන්ට Don't care විදියට කට හදලා වැඩට ඉන්න කෙල්ලෙක්ට අතින් කතා කරලා

"මේකෙම තව කිට් නැද්ද"

ඒ කෙල්ල අරං එන්නන් කියලා ඇතුලට ගියා. ජාන් ඇස් හීනි කරලා රවාගෙන බෝ ලඟට ඇවිල්ලා

"යා... දැන් ඕකම මොකටද මෙතන වෙන ඒවා නෑ වගේ..."

"මට ඕන නිසා...."

ඒ පාර කෙල්ල ඒකෙම වෙන colours දෙකකින් කිට් තුනක් ගෙනාවා. බලනකොට ජාන් අතේ තියෙන්නෙ ඒකෙම blue colour ඒක දැක්ක ගමන් ජාන්

"යා යා බෑ බෑ ඒක select කරේ මං මට...."

බෝගෙ අතේ තියෙන්නෙ අරකෙම ජාන්ගෙ colour එකට වඩා ටිකක් dark blue

"ඉතින් හොඳයිනෙ, කොහොමත් එහෙමනෙ වෙන්න ඕන, එකම පැට්න් එකේ matching colours, මේ විදියට මස්සමු"

"ම්හ් බෑ බෑ...."

බෝට තද වුනා ඒකටනන්

"හරි දෙවිදියකට ඇදලා දෙන්නෙක්ව මැරි කරමු දැන් ඒකනෙ කියව ගන්න ඕන"

එහෙම කියලා අර කිට් එක පැත්තකට විසික් කරගෙන කඩාගෙන එතනින් ගියා. ඒ එක්කම බනිත් අතේ තිබ්බ එක පැත්තකට දාලා බෝගෙ පස්සෙන් දිව්වා. ඕක දැක්ක යාලුවො නියමයි කියලා ඇස් වලින් ඉඟි කරලා නොදැක්ක ගානට හිටියා. ජාන් ගිහින් බෝව අමාරුවෙන් යාලුකරගෙන එක්කන් ඇවිල්ල යටින් බල බල ඉදලා අරකට කැමති වුනා. ඒත් බෝ තාම අවුලෙන්

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now