පෙර කොටසින් 👇
බෝට බැන බැන එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියා. ඩොක්ටර් ඇවිල්ලා බෝව බලලා ගියා. කාලෙ ගියා දැන් රෑවෙලා ජාන් ඇඳ ලඟම තියෙන ස්ටූල් එකේ වාඩිවෙලා බෝගෙ ඔලුව අත ගගා අඬ අඬ, බැන බැන කතා කර කර ඉදලා ජාන්ටත් එහෙම්මම නින්ද ගිහින්.....🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹
එලිත් වුනා ජාන් ඇහැරිලා වොශ් එකක් එහෙම දාගෙන අර මල් පොකුරු ටික එකතු කරලා. එක තැනකට කරලා, කට්ටිය ගෙනාපු කෑම බීම කබඩ් එකට දාලා අස් කරා. සමහර කෑම සවුත්තුවෙලා කවුරු කන්නද ඉතින්, ඩොක්ටර් ඇවිල්ලා බෝව බලලා ගියා. ඒ වෙලාවෙ තමයි බෝගෙ අම්මා room එකට ආවෙ. බෝ ඉන්න විදිය දැක්ක ගමන් අම්මා ලඟට දුවලා බෝව අතගාන ගමන් අඬන්න පටන් ගත්තා. පව් අම්මා, ජාන් ඒ වෙලාවෙ තමා බෝගෙ අම්මව දැක්කෙ අම්මත් බෝ වගේම හරි අහිංසකපාටයි. ලස්සනයි කියලා ජාන්ට හිතුනා. අම්මා අඬන විදිය දැක්කම ජාන්ට දුකේ බෑ. ඒ එක්කම යුවත් ඇතුලට ආවා. යුවා තමයි ගිහින් අම්මව එක්කගෙන ආවෙ, ජාන් අම්මාගෙ උරිසෙන් අල්ලලා හිමීට කතා කරා.
"අම්මා දැන් ඇඬුවා ඇති නේද ඔයාගෙ පුතාට මුකුත් වෙන්නෑ...."
අම්මා අසරණ විදියට ජාන් දිහා බලලා ආයි බෝ දිහා බලලා අත් දෙකෙන් පපුව අල්ලගෙන
අම්මා: අනේ මගෙ දරුවා...... ඇයි පුතේ මෙහෙම දෙයක් වුනේ..... මං කිව්වා ඔය රස්සාවල් වලට නොයා තාත්තා කරපු රෙස්ටූරන්ට් එක කරගෙන ඉන්න කියලා, ඒත් ඇහුවෙ නෑ..... කවදාවත් ඔහොම රිදුව්වෙ නෑ මං.. ඉස්සර පොඩි තුවාලයක් වුනත් කෑගහලා අඬන කොල්ලා අද සද්ද නැතුව මේවා කොහොම දරාගෙන ඉන්නවද..... මගෙ පුතේ කතා කරන්නකො අම්මා ආවා. මේ විදියට දකින්නද දෙයියනේ මං දුකක් නොදි මගෙ පැටියව හැදුවෙ....
අනේ අම්මා බෝගෙ මූණ අත ගගා අඬනවා. දරාගන්න බැරි තැන එකපාරට අම්මව කලන්තෙ දාපු පාර ජාන් ඉක්මන්ට අම්මව අල්ල ගත්තා. ඊට පස්සෙ යුවයි, ජානුයි අම්මව සෝෆා එකට අරගෙන ගිහින් වතුර ගහලා අම්මට සිහිය ගත්තට පස්සෙ පැය ගානක් ජානුයි අම්මයි කතා කරා. ජාන් අම්මගෙන් අඬ අඬ සමාව ගත්තෙ..... ජාන් අම්මගෙ අත්දෙක අල්ලගෙන එයාගෙ නලලට තියාගෙන අඬන ගමන් ඔලුව පාත් කරගෙන
YOU ARE READING
🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]
Fanfictionආයෙ ආයේ දකිනා වාරේ ඔය රෑපේ....💚 නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා....❤ මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....💚 නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....❤ Begin: 12 December 2021 End: 17 February 2022