🎀 CHAPTER 14 🎀

923 186 174
                                    

පෙර කොටසින් 👇
එහෙම කියලා ජාන් නිරුත්තර වෙද්දි බෝ අර හාවා ඉන්න පෙට්ටියක් අරගෙන ජාන්ට දොර ඇරලා දෙන්න කියලා එලියට බැස්සා. ජාන්ට දුක හිතුනා. ඒත් යන්න එපා කිව්වට නවතිනැති නිසා ජාන් එලියට වෙලා බෝ යන දිහා බලන් හිටියා. ජාන්ට පෙනි පෙනිම බෝ taxi එකක් නවත්තගෙන ඒකට නැගලා ගෙදර ගියා.

🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹

ඔය විදියට සතියක් ගෙවිලා ගියා. බෝනම් office එකේදි ජාන්ව දැක්කත් කතා කරේ නෑ. ජාන් තමයි බලෙන් නවත්තගෙන වචනයක් හරි කතා කරේ..... දැන් බෝ blind එක උස්සනවා. ඒත් දැන් ඒ පැත්ත වැඩියෙන්ම බලන්නෙ ජාන්, බෝ බලන්නෙ හොරාට, දවසක් ජාන් උදේ එනකොට කාලෙකට පස්සෙ ලැප් එක යට කොලයක් තියෙනවා. ජාන් පැනපු ගමන් ඒක අරගෙන දිග ඇරියෙ ලස්සන හිනාවක් එකක්,

"නුඹේ සොඳුරුම සිනහ වෙනුවෙන්
සිතම සතුටින් පෙරුම් පිරුවට..
හදේ ගැඹුරෙම සෙනෙහෙ සඟවන්
දුකනෙ වින්ඳෙම ඉතින් සැමවිට..

නොදැන කිසිදෙය නුඹත් මෙලෙසින්
අන් සිතක ආදරේ පැතුවට..
තරහනම් නෑ නුඹනෙ මගෙ රන්
නොහඳුනන සේ දුරින් සිටියට..

නොපෙනෙනා ලෙස නුඹට හොරැහින්
සදා නුඹ පසුපසම ආවට..
වේදනා ඉසිලුවෙම තනියෙන්
පෙම නිසාමයි නුඹේ නාමෙට..

පැතුම් අහුරක් අහස උසකින්
සිතේ පතුළෙම සැඟව තිබුණට..
සැබෑ වේදෝ මැණික විගසින්
බැහැනෙ තව කල් දරාගන්නට..

මගේම ආදරණීය බෝල ඇස්ට ආදරෙන්... ❤️

💚 බෝගෙන් 💚"

(ඔය ලස්සන වචන ටික මගෙ නෙමෙයි Mshihara අක්කිගෙ thank you අක්කියෝ මගේ කතාව වෙනුවෙන් මේ ලස්සන නිසදැස ලිව්වට.😍🙈 එයා වට් පෑඩ් ඉන්නෙ Mshihara කියන නමින් ඉතින් ඔයාලත් එයාට thanks කරගෙන යන්න🙈)

ඒක කියෙව්ව ගමන් ජාන් කුවාන්ට call කරලා බෝට Cabin එකට එන්න කියන්න කිව්වා.

කුවාන්: ඊබෝ..... අන්න සර් ඔයාට එන්නලු

🦁: මොන සර්ද

🌟💝 බෝල ඇස් 💝🌟 [ Switch ff Completed ]Where stories live. Discover now