Chapter 7

693 119 77
                                    

ටේහියුන් වොශ් එකක් දාගෙන ඇවිත් ඇදට වැටුන ගමන් එයාට නින්ද ගියේ අද වෙච්ච දේවලුත් එක්ක එයාගෙ ඇගට ගොඩක් මහන්සි දැනුන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහියුන් වොශ් එකක් දාගෙන ඇවිත් ඇදට වැටුන ගමන් එයාට නින්ද ගියේ අද වෙච්ච දේවලුත් එක්ක එයාගෙ ඇගට ගොඩක් මහන්සි දැනුන නිසා

"අනේ ඩැඩ් එපා මාව ඔයාලගෙන් වෙන් කරන්න එපා මම ඔයා කියන විදිහට ඉන්නම් ප්ලීස් මාව කොහෙවත් යවන්න එපා ඩැඩ් මට- මට බය හිතෙනවා ඩෑඩ් "

අවුරුදු 10ක විතර පොඩි ලමයෙක් එයාගෙ ඩෑඩ්ගෙ කකුල් දෙකේ එල්ලිලා අඩ අඩ කියද්දි. හිතක් පපුවක් නැ වගේ ඒ මිනිහා කකුල ගසලා දැම්මේ පොඩි එකා විසි වෙලා යද්දී

"කට වහපන් උබේ ඔය මූන දකිද්දි මට මතක්වෙන්නෙ තොගෙ අර මාම් කියන වේ# ගෑනිව. උබ සතුටු වෙයන් මම උබව මරලා දාන් නැතුව මගෙන් ඈතකට යවන එක ගැනවත්. "

"ඩෑඩ් මට සමාවෙන්න මම හිතලා නෙමෙයි මාම්ගෙ පෙනුම අරන් ඉපදුනේ. මම- මම ඔයා ලගට එනකොට මාස්ක් එකක් දාගෙන එන්නම් ඩෑඩ් ප්ලීස් මාව යවන්න එපා. හියුන්ගි ඩෑඩ්ට කියන්නකො මාව යවන්න එපා කියලා"

පොඩි එකා දනගාගෙන ගිහින් එයාගෙ හියුන්ගෙ තුරුලට පැනලා අඩ අඩා කියනකොට එයාගෙ හියුනුත් එයාව තද කරලා බදාගත්තේ එයාගෙ මල්ලිව කොහෙවත් යවන් නෑ කියන්න වගේ

"ඩෑඩ් ප්ලීස් ඕක නවත්තන්න මාම් ඔයාව දාලා වෙන මිනිහෙක් එක්ක ගියා කියලා ඔයා ඔයාගෙ දරුවන්ගෙන් ඒ තරහ පිරිමහගෙන වැඩක් නෑ නේ අනික මගේ ඩෝල් මොනවා කරන්නද එයා මාම්ගෙ රූපෙ අරන් ඉපදුන එකට. මාම්ගෙ වැරදි වලට ඔයා මගේ ඩෝල්ගෙන් පලිගන්න හදන්න එපා ඩෑඩ් මම එයාව කොහෙවත් යවන් නෑ. මගේ ඩෝල්ව මගෙන් ඈත් කරන්න ඔයාට බෑ ඩෑඩ්. නැත්තම් මාවත් ඩෝල් එක්ක ඇමරිකා යවන්න"

"කට වහපන් ජිමින් උබ කාටද ඔය කතාකරන්නෙ මම උබේ ඩෑඩ් අන්න ඒක මහක තියාගනින්. මූ තවත් මගේ ඇස් දෙකට පේන්න හිටියොත් මගේ අතින් මැරුම් කනවා. ඒක නිසා මූ මෙහෙන් යවන එක මේකටත් හොදයි මටත් හොදයි"

Broken Doll (Taekook)Where stories live. Discover now