Chapter 25

677 124 65
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

ජන්කුක් එයාගෙ මාම්ගෙයි ඩෑඩ්ගෙයි රූම් එකේ ඉදන් පහලට ගිහින් අජුම්මා හදපු රසම රස පෑන් කේක් කාලා ටේහියුන්ව එක්කගෙන ආවේ මැන්ශන් එකේ තියෙන තවත් රූම් එකකට. රූම් එකේ දොර වහලා දාපු ජන්කුක් රූම් එක පුරා ඇස් යවන ගමන් ඉන්න ටේහියුන්ව එකපාරට  උස්සලා අරගෙන බෙඩ් එක උඩට විසි කරලා දාලා එයා ඇදගෙන හිටපු ටීශර්ට් එක ගලවලා පැත්තකට දැම්මා. බෙඩ් එක උඩ දෙපාරකට වඩා බම්ප් උන ටේහියුන් එයාට එකපාරට මොකද්ද උනේ කියලා ප්‍රොසෙස් කරගන්න බැරුව ඉද්දි ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ජන්කුක් එකපාරට ටේහියුන්ගෙ ඇගට පැන්නෙ ටේහියුන් නිකන් අලියෙක් ඇග උඩට වැටුනු කූබියෙක් වගේ ජන්කුක්ගෙ ඇගට චුරු වෙද්දි

"ආව්... මෝඩයා තමුසෙට පිස්සුද ඔහොම එකපාරට ඇගට පනින්නෙ. ඕක පොඩි ඇගක් නම් තව කමක්වත් නෑ අලියෙක් වගේ ඉදගෙන. අනික මාව හිතෙන හිතෙන වෙලාවට අල්ලලා විසි කරන්නයි, එහාට පෙරලන්නයි මෙහාට පෙරලන්නයි තමුසෙ හිතාගෙන ඉන්නෙ හැමෝම ඩෝල් කියපු පලියට මම ඇත්තටම පන නැති බෝනික්කෙක් කියලද ඕයි!! "

ටේහියුන් කෑ ගගහා බනින ඒවා නෑහුන ගානට ජන්කුක් ලාවට හිනාවෙලා ටේහියුන්ගෙ පපුව මැද මූන ගහගෙන ටේහියුන්ගෙ අතක් අරන් එයාගෙ ඔලුවෙන් තියාගත්තෙ හරියට ඔලුව අතගාන්න කියනව වගේ. යුන්ගිගෙ නොසලකාහැරීම් මැද ජන්කුක්ට මේ දවස් ටිකේ ටිකක් හරි සහනයක් දැනුනේ ටේහියුන්ගෙ තුරුලෙ විතරයි. ඒ නිසයි එයා ටේහියුන්වත් අරගෙන ජියොන් මැන්ශන් එකට ආවෙ. ජන්කුක් කියන සෙල්ලක්කාර පොඩි කොල්ලා මේ වෙනකොට එයාගෙ ඩෝල්ට පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා ඉවරයි....

ටේහියුන් කොන්ඩෙ අතරින් ඇගිලි යවන රටාවට ජන්කුක්ට නින්දයාගෙන එනකොට ජන්කුක් ටේහියුන්ගෙ අත අරගෙන පිට අල්ල උඩ තොල් තද කරලා ටේහියුන්ගෙ මූන දිහා බැලුවා.

Broken Doll (Taekook)Where stories live. Discover now