Chapter 18

771 137 86
                                    

ටේහියුන් ජන්කුක් දෙන්නා හිටියේ ශොපින් මෝල් එකේ  කා පාර්ක් එකේ එයාලගෙ කාර් එක ඇතුලෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහියුන් ජන්කුක් දෙන්නා හිටියේ ශොපින් මෝල් එකේ  කා පාර්ක් එකේ එයාලගෙ කාර් එක ඇතුලෙ.... ජන්කුක් ඇස් කොනකින් බලාගෙන හිටියේ ටේහියුන් කලින් ෆිටෝන් රෑම් එකේදි ජන්කුක් ඇති කරපු මාක්ස් මේකප් වලින් කවර් කරන  දිහා

"කොහෙද යන්න ඕනෙ"

"ක්ලබ් එකට"

ටේහියුන් ජන්කුක්ට අවදානයක් දෙන් නැතුව බෙල්ලෙ තියෙන මාක්ස් කවර් කර ගන්න ගමන් කියද්දි ජන්කුක් හොද හුස්මක් අරගෙන  කාර් එක ස්ටාට් කරා



ජන්කුක් කාර් එක නැවැත්තුවේ සෝල් සිටි එකේ තියෙන ලොකුම ක්ලබ් එක ඉස්සරහ. නැත්තන් වෙන විදිහකට කිව්වොත් ජන්කුක්ට එයාගෙ ඩෝල්ගෙ ඇත්ත ස්වරූපය මුලින්ම දකින්න ලැබුන තැන... එයාලා ගෙදරින් එලියට එනකොටත් හොදටම හවස් වෙලා තිබුන නිසා ශොපින් කරලා ක්ලබ් එකට එනකොට ටිකක් රෑ වුනා

ජන්කුක් වාහනේ නතර කරපු ගමන් ටේහියුන් කාර් එකෙන් බහින්න ගියත් ජන්කුක් ඊට කලින් ටේහියුන්ගෙ අතින් අල්ලලා එයාව නැවැත්තුවා

"මන් එනකල් ඉන්නවා "

ජන්කුක් කියනකොට ටේහියුන් ජන්කුක් අල්ලගෙන ඉන්න එයාගෙ අත දිහා බලලා කටින් කරදරකාර ශබ්දයක් පිටකරලා ජන්කුක්ගෙ අත ගසලා දාලා කාර් එකේ දොර ඇරගෙන එලියට බැස්සා

ටේහියුන් යන දිහා කිසිම හැගීමක් නැති හිස් ඇස් වලින් බලාගෙන හිටපු ජන්කුක් කාර් එක පාක් කරලා එයත් ක්ලබ් එක ඇතුලට ගියා

ජන්කුක් ක්ලබ් එක ඇතුලට යකකොට ටේහියුන් බාර් කවුන්ටර් එක ලග විස්කි වීදුරුවක් බොන ගමන් ටේහියුන් එකවැරම විස්කි වීදුරුව කටේ හලා ගන්නකොට එයාට දැනුනේ මුලු පපුවම පිච්චිලා ගියා වගේ හැගීමක්..... ටේහියුන්ගෙ එහාපැත්තේ ඉදගත්ත ජන්කුක් බාර් එකේ බෝයි පුරවලා දීපු දෙවෙනි විස්කි වීදුරුවත් එක පාරම බීලා දාපු ටේහියුන් දිහා බලන් හිටියේ හැගීමක් නැතුව

Broken Doll (Taekook)Where stories live. Discover now