Chapter 21

687 123 74
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

"කෝ තමුන්ගෙ ෆෝන් එක ජන්කුක් "

යුන්ගි තමන්ගෙ ට්‍රව්සර් එකේ පොකට් දෙකට අත් දෙක දාගෙන ජන්කුක්ගෙ මූන දිහා එක එල්ලෙ බලාගෙන අහද්දි ජන්කුක්ට යුන්ගිගෙ මූන දිහා බලාගෙන කතා කරන්න ශක්තියක් නැතිවෙනකොට එයා බිම බලාගෙන කතා කරා

"ඒ- ඒක නැතිවෙලා ඩෑඩ්.... ම් - මන් හ්- හිතන්නෙ කොහෙ හරි වැටිලා"

ජන්කුක් බිම බලාගෙන ගොතගගහා කතා කරනකොට යුන්ගි ටේහියුන් දිහා බැලුවා

"එතකොට තමුන්ගෙ ෆෝන් එක කොහෙද හලාගත්තෙ ටේහියුන් "

"ෆෝන් එක ඕෆ් වෙලා හියුන්. බැට්‍රි ඩෙඩ් වෙලා"

ටේහියුන් කියද්දි යුන්ගි සමච්චල් සහගත හිනාවක් තොල් වල රදවගෙන ටේහියුන් දිහා බලාගෙන හිටියා

"අපි කතාකරනකොට එක පාරටම බැට්‍රි ඩෙඩ් වුනා නේද?..... ඕහ්... ඒකත් නියමයි"

"යූන් දැ-"

යුන්ගි ටේකුක් දෙන්නගෙන් ප්‍රශ්න කරද්දි ජිමින් බයෙන් යුන්ගි දිහා බලාගෙන හිටිය. මොකද ජිමින් දන්නවා යුන්ගිගෙ මේ සංසුන්භාවය ගොඩක් ලොකු කුනාටුවකට පෙරනිමිත්තක් කියලා. ඒ නිසා එයා මේකට මැදිහත් වෙලා යුන්ගිට කතා කරන්න යනකොට සිද්ද වුනේ එයාගෙ තරහ තවත් වැඩිවුන එක

"කටවහනවා ජිමින් මම තමුන්ට කලින්ම කිව්වා මම කරන දේවල් වලට ඇගිලි ගහන්න ලෑස්ති වෙන්න එපා කියලා!!!"

මෙච්චර වෙලා සන්සුන්ව ටේකුක් දෙන්නගෙන් ප්‍රශ්න කරපු යුන්ගි ජිමින් කතා කරනවත් එක්කම එයාට තරහෙන් දත්මිටි කාගෙන කෑ ගහන්න ගන්නකොට ටේකුක් දෙන්නව ගැස්සිලා යද්දි ජිමින්ගෙ කටින් ඉකියක් පිටවුනා

Broken Doll (Taekook)Where stories live. Discover now