Chapter 12

683 118 212
                                    

Comment goal 50

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 50

"මේ ඩොලී ඔයා ඔය ඇදගෙන ඉන්නෙ අපේ තුතීගෙ ඇදුමක් නේ"

මිනී අහපු දේත් එක්ක ටේහියුන්ගෙ කටේ කෙල ටිකත් හිදිලා ගියා. පොඩ්ඩක් උගුර පාදපු ටේහියුන් ආපහු මිනී පැත්තට හැරුනේ ආයාසයකින් හිනාවක් තොල් වලට අරගෙන

"ආආ.... මේ මිනී පැටියො මේකනෙ වුනේ මම පූල් එක ගාව ටිකක් ඇවිද ඇවිද ඉද්දි කකුල පැටලිලා පූල් එකට වැටුනා ඉතින් මම ඔයාගෙ කුකීට කිව්වා ඇදුමක් ගෙනත් දෙන්න කියලා එයා අරන් ඇවිත් තියෙන්නෙ එයාගෙ ඇදුමක් "

ටේහියුන් හිනා වෙලා කියද්දි මිනී එයාගෙ ඇස් දෙකත් ලොකු කරගෙන ටේහියුන් කියන දේ අහන් හිටියා

"අප්පොඕඕ පුදුමයි අර කුනු ලෝබයා ඔයාට එයාගෙ ඇදුමක් දුන්නා. ඩෝල් මම ඔයාට රහසක් කියන්නද "

මිනී එයාගෙ චූටි අතකින් ටේහියුන්ට ලගට එන්න කියලා කතා කරාම ටේහියුන් මිනී ලගට ගිහින් එයාගෙ උස මට්ටමට පාත් උනා

"ඔය අපේ තුතී ඉන්නවා නේ ඔහොම හිටියට එයා මාර නපුරුයි ඔයාම දැක්කනෙ එදා මගෙ ජීප් එක අරන් මාව ඇඩෙව්ව හැටි තව එයා කියනවා මම ඉස්කෝලේ කෙල්ලන්ගෙන් ගුටි කනවා කියලා තව ගොඩක් නරක වැඩ එයා මිනීට කරනවා ඔය මෝඩයා ඉස්කෝලේ ඇරිලා ආවාම මේස් දෙක ගලවලා මිනීගෙ මූනට විසි කරනවා ගදේ බෑ "

මිනී මූනත් එක එක විදිහට හද හද කියද්දි ටේහියුන් බිහොම අමාරුවෙන් එයාගෙ හිනාව පාලනේ කරගෙන මිනීගෙ මූන එයාගෙ අත් දෙකෙන් අල්ලගත්තා

"අනේ මගෙ පැටියට එයා ගොඩක් නරක දේවල්නෙ කරලා තියෙන්නෙ "

"ඔයාට කියන්න ඩෝල් අර එස්ලින් (රෙස්ලින්) ටීවි එකේ යන්නෙ ඔය තුතී ඒවා බලලා මිනීව උස්සලා පොලවෙ ගහනවා "

Broken Doll (Taekook)Where stories live. Discover now