Chapter 27

946 133 113
                                    

Comment goal 100ෆොටෝ ශූට් එක උදේ දහය වෙද්දි පටන් ගන්න තිබ්බත් ජිමින් කිව්ව නිසා ටේහියුන්ට යුන්ගි ඔෆිස් යන වෙලාවටම යුන්ගිත් එක්ක ඔෆිස් එකට යන්න සිද්ද උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 100
ෆොටෝ ශූට් එක උදේ දහය වෙද්දි පටන් ගන්න තිබ්බත් ජිමින් කිව්ව නිසා ටේහියුන්ට යුන්ගි ඔෆිස් යන වෙලාවටම යුන්ගිත් එක්ක ඔෆිස් එකට යන්න සිද්ද උනා. මොකද ඩෝල්ගෙ හියුන් කැමති නෑ එයාගෙ ඩෝල් තනියම යනවට. අනිත් පැත්තෙන් ජන්කුක්. ඩෝල්ගෙ අයිතිකාරයා. උදේ පාන්දර ටේහියුන්ගෙ රූම් එකට කඩාගෙන පැනලා ෆොටෝ ශූට් එක කරන්න එපා කියලා පැය බාගයක් විතර කුනු කුනු ගාලා අන්තිමට ටේහියුන්ගෙ තීරනේ වෙනසක් වෙන්නෙම නැතිවෙනකොට " හරි තෝ පලයන්කො ගිහින් අරූගෙ ඇගේ එල්ලිලා ඌත් එක්ක නටලා වරෙන්. හැබැයි එතන මොනවහරි ඕනෙ නැති දෙයක් උනොත් මම නරක මිනිහා කියලා විතරක් උබ කියන්න එපා" කියලා ආපහු ටේහියුන්ගෙ මූනටම තර්ජනේ කරලා දොර ගැලවිලා අතට එන්න තරම් වේගෙන් වහගෙන රූම් එකෙන් එලියට ගියා. ටේහියුන් කරන ශූට් එකේ කපල් ශූට් එකකුත් තියෙනවා කියන එක තමා ඇත්තටම ජන්කුක්ට දරාගන්නම බැරි වුනේ. එයාගෙ ඩෝල්ව වෙන එකෙක් අල්ලනවා කියලා මතක්වෙන වාරයක් ගානෙ ජන්කුක්ගෙ කන් දෙකෙනුත් එක්ක දුම් පිට වුනා.

ටේහියුන් හිටියේ ඩ්‍රසින් රූම් එකේ. ශූට් එකට වෙලාව ලග නිසා එයාගෙ මේකප් එකක් දානකල් මේකප් ආර්ටිස්ට් ආරි කියන දේවල් වලටත් එක්ක හිනා වෙන ගමන් ටේහියුන් කම්පැනි එකේ මැගසින් එකක් බලන ගමනුයි හිටියේ. ඒත් ටේහියුන්ගෙත් ආරිගෙත් අවදානෙ ඩ්‍රසින් රූම් එකේ දොර දිහාවට ගියෙ දොර ඇරිලා වැහිලා ගියපු සද්දෙට.

"ඔහ්... ජන්කුක් මෙයානෙ මේ.. "

ජන්කුක්ව දැක්ක ගමන් ආරි කෑ ගහද්දි ජන්කුක් ගාව තිබුන ටේහියුන්ගෙ ඇස් ආරි ලගට ගියා

" මොකද මේ සෑහෙන කාලෙකින් මේ පැත්තෙ එන්න හිතිලා තියෙන්නෙ අපේ ලිට්ල් හැන්ඩ්සම්ට, අද ස්කූල් ගියෙ නැද්ද "

Broken Doll (Taekook)Where stories live. Discover now