Chapter 28

695 113 143
                                    

Comment goal 100

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 100

ෆොටෝ ශූට් එකෙන් පස්සෙ දවස් පහක් ගතවෙලා ගිහින් තිබුනා. එදා ඔෆිස් එකේදි සිද්ද වුන සිදුවීම වගේම ජන්කුක් නටපු නාඩගම යුන්ගි ජිමින්ට කියලා තිබුනෙ නැති නිසා ටේහියුන් යුන්ගිට හිතින් දහස් වාරයක් ස්තූති කරන්න ඇති. එතකොට ජන්කුක් එයාට එයාගෙ ඩෑඩ්ගෙ මූන දිහා බලාගෙන කතා කරන්න තරම් ශක්තියක් නැතුව එයා මේ ගෙවුන දවස් පහේම කියාගන්න බැරි තරම් අසරන වෙලා හිටියෙ. යුන්ගි වුනත් ජන්කුක්ව මූනට හම්බුනත් නොදැක්ක ගානට යන්න පුරුදු වෙලා හිටිය නිසා යුන්ගිව දකින වාරයක් ගානෙ ජන්කුක්ගෙ හිත නොසෑහෙන්න රිදුනා.
.

.

.

ටේහියුන් කම්මැලි කමින් ඇද උඩ එහාට මෙහාට පෙරලි පෙරලි ඉදලා පල්ලෙහාට ආවෙ tv එකවත් බලනවා කියලා හිතාගෙන. ජන්කුක් නම් කොහොමත් ස්කූල් යනවනෙ ඒත් ජිමිනුත් මිනීගෙ ස්කූල් එකේ මීටින් එකක් කියලා ගියපු නිසා ටේහියුන්ට මාර කම්මැලි කමක් දැනුනෙ. එයා ස්නැක් පැකට් එකකුත් අරගෙන tv එක ඉස්සරහ පුටුවෙ ඉදගෙන  චැනල් මාරු කර කර හොද වැඩසටහනක්  හෙව්වෙ ඒකෙන්වත් කම්මැලි කම යවා ගන්න

හොද රොමෑන්ටික් ෆිල්ම් එකක් යන චැනල් එකක් සෙට් වුනාම ටේහියුන් හිනාවෙලා තමන්ගෙ කකුල් දෙක පුටුව උඩට අරගෙන හරි බරි ගැහිලා ඉදගත්තේ එයාගෙ හැන්ඩ්සම් ප්‍රින්ස් ඇවිත් කම්මැලිකම යවනකම් ෆිල්ම් එක බලනවා කියලා හිතාගෙන.

ෆිල්ම් එකේ බෝයි එයාගෙ ගර්ල්ව බදාගෙන එයත් එක්ක ලව්ලි කතා කිය කිය හුරතල් වෙනවා දකිනකොට ටේහියුන්ට මතක් වුනේ ජන්කුක් එයාගෙ ඇගේ දැවටි දැවටි හුරතල් වෙන විදිහ. ෆිල්ම් එකේ හිටියෙ වෙන දෙන්නෙක් වුනත් ටේහියුන්ට ෆිල්ම් එකේ ඉන්න කපල් එක වෙනුවට මැවිලා පෙනුනේ ජන්කුක්වයි එයාවයි. ටේහියුන්ගෙ තොල් අතර නොදැනීම හිනාවක් ඇදිලා තිබුනා. එයා ෆිල්ම් එක දිහා බලාගෙන හිටියට හිතින් හිටියෙ  වෙනමම මනෝ ලෝකෙක.

Broken Doll (Taekook)Where stories live. Discover now