Chapter 24

714 114 159
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

පැය භාගෙක විතර ගමනකින් පස්සෙ ජන්කුක් බයික් එක ගෙනත් නැවැත්තුවේ ලොකු ගේට් එකක් ඉස්සරහ. ගේට් එක ලග සෙකියුරිටි රූම් එකේ හිටපු සෙකියුරිටි ජන්කුක්ව දැකලා ඉක්මනින් ගේට් එක අරිනකොට ජන්කුක් බයික් එක ගේට් එකෙන් ඇතුලට දැම්මේ ටේහියුන් නිකන් වෙන ලෝකෙකින් බැහැපු ජීවියෙක් වගේ එයාගෙ ඉස්සරහ තියෙන මැන්ශන් එක දිහා බලාගෙන ඉද්දි.

ජන්කුක් බයික් එක මැන්ශන් එක ඉස්සරහ නවත්තලා හෙල්මට් එක ගලවලා පිටිපස්ස හැරිලා ටේහියුන් දිහා බැලුවා. ටේහියුන් තාම හිටියෙ ජන්කුක්ව තදින් බදාගෙන ඉස්සරහ පේන මැන්ශන් එක දිහා බල්ලාගෙන.

"බහින්න ඩෝල් "

"කූ අපි කොහෙද මේ ආවෙ "

ටේහියුන් ජන්කුක් දිහා බලාගෙන කියනකොට ජන්කුක් බයික් එකේ ස්ටෑන්ඩ් එක ගහලා බයික් එකෙන් බැස්සෙ ටේහියුන් තාම බයික් එක උඩ ඉන්න කොට. ස්ටෑන්ඩ් එක ගහනකොට බයික් එක ටේහියුන් එක්කම පැත්තට ඇල වෙනකොට ටේහියුන් ඉක්මන්ට එයාගෙ එහාපැත්තෙ හිටපු ජන්කුක්ව අල්ලගත්තා

"මෝඩයා!!  පිස්සුද මිනිහෝ... "

ටේහියුන් කෑගහනකොට ජන්කුක් එයාව උස්සලා බයික් එකෙන් බිමින් තියලා හෙල්මට් එක ගලවනකොට මැන්ශන් එක ඇතුලෙ ඉදන් දුවගෙන ආපු මැදි වයසෙ පිරිමි කෙනෙක් ජන්කුක්ට ආචාර කරා

"පොඩි මහත්තයා ගොඩ කාලෙකින්..... කාවද මේ අද එක්කන් ඇවිත් තියෙන්නෙ "

ආපු කෙනා ටේහියුන්ව පෙන්නලා ජන්කුක්ගෙන් අහනකොට ජන්කුක් එයාට ටිකක් පිටිපස්සෙන් හිටගෙන බෙල්ල වටේටම හරව හරව සිරි නරබන ටේහියුන්ගෙ අතින් ඇදලා ඉස්සරහට ගත්තා

Broken Doll (Taekook)Where stories live. Discover now