Chapter 22

626 120 50
                                    

Comment goal 70

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Comment goal 70

එදා සිද්දියෙන් පස්සෙ දින සති වේගෙන් ගෙවිලා ගියා. යුන්ගිගෙන් ගුටුකෑව නිසා ජන්කුක්ගෙ ඇතිවුන තුවාල දැන් සම්පූර්ණයෙන්ම හොදවෙලයි තිබුනෙ. ඒත් ඇගේ තුවාල හොද වුනත් ජන්කුක්ගෙ හිතනම් මේ දවස් ටිකේ යුන්ගි නිසා විටින් විට පෑරෙන ගමන් තිබුනෙ. සති තුනක් ගෙවිලා තිබුනා මේ සති තුනට යුන්ගි ජන්කුක් එක්ක කතාකරනවා තියා අඩුම තරමෙ මූන දිහාවත් බැලුවෙ නෑ. එයාට ඇත්තටම මේ නිසා ගෙදර ඉන්න එකත් එපාවෙලා තිබුනෙ. ජන්කුක් යුන්ගිව දකින් හැම වෙලාවෙම එයත් එක්ක කතා කරන්න ට්‍රයි කරා සමහර වෙලාවට අඩලා කිව්වා ඩෑඩ් මට මෙහෙම කරන්න එපා මගෙත් එක්ක කතා කරන්න කියලා ඒත් ඒ කිසි දේකින් වැඩක් වුනේ නෑ... එයාට හිතාගන්න බෑ යුන්ගි මේ විදිහට හැසිරෙන්නෙ ඇයි කියලා ජන්කුක් ඕන තරම් යාලුවොත් එක්ක එලියට ගිහින් රෑට එන් නැතුව ඉදලා තියෙනවා. ඒත් ඒ කොයිම වෙලාවකවත් එයාගෙ ඩෑඩ් එයාට මෙහෙම නපුරු විදිහට සලකලා නෑ....

ජන්කුක් ස්කූල් ඇරිලා ඇවිත් ජිමින්ට කියලා කොෆී එකකුත් හදාගෙන tv එක බල බල ඉන්න මිනී ලගට ඇවිදගෙන ආවෙ මිනීව හරි පොඩ්ඩක් අවුස්සලා ආතල් එකක් ගන්නවා කියලා හිතාගෙන... ගොඩ කාලෙකින් ජන්කුක්ට මිනීව අවුස්සන්නත් බැරි වුනා මේ වුන ප්‍රශ්න නිසා. කොච්චර මූඩ් ගහලා හිටියත් බුම්මගෙන පැත්තකට වෙලා ඉන්න පුලුවන් එකෙක් නෙමෙයි ජන්කුක් කියන්නෙ

එක අතකින් කොන්ඩෙත් ගස ගස සෝෆා එක ලගට ඇවිදගෙන එනකොට ජන්කුක්ට දකින්න ලැබුනේ දොරෙන් ඇතුලට එන යුන්ගිව. යුන්ගි කොච්චර වෙනස්කම් කරත් ජන්කුක් හිනා වෙලා ගිහින් යුන්ගිට කතා කරා..

"ඩෑඩ් ඔයා අද කලින්නෙ "

ජන්කුක් කතා කරත් යුන්ගි එයාව ගනන් ගන් නැතුව යන්න යද්දි ජන්කුක් යුන්ගිගෙ අතින් අල්ලගත්තා

Broken Doll (Taekook)Where stories live. Discover now