PAGE NO - 01

4.1K 244 20
                                    

සූහී....

එදා අපි හැමෝටම සතුටුදායක දවසක්.. ඔව්.. ඒත් මම මගේ හදවතින්ම ඇහුවොත් ඒක එහෙමද.. ??අද ඉදන් කොහොමද මම ජීවිතය ගෙනියන්නේ.. ?? කොහොමද මම රස්සාවක් හොයාගන්නේ.. ?? මගේ ඔප්පව බලාගන්නේ කොහොමද..??  ශිෂ්‍යත්වය නිසා උපාධිය ගත්තත්.. ?? මෙතනින් එහාට ජීවිතය ගෙනියන්නේ කොහොමද..??

ශාලාවේ ඝෝෂාවත් එක්කම මට දහසක් ප්‍රශ්න ඔලුවට ආවා.. මාව කල්පනා ලෝකයේන් මිදුනේ සුන්මිගේ ගේ සද්දයට..

"යේ අපි දැන් නිදහස්....."

"මොකද මෝඩියේ කෑගහන්නේ.. ?? මම බය වුනා.. "

"මට කියන්න දැන් මොනවාද කරන්න හිතාගත්තේ?"

"අනේ මන්දා සුන්මී මම lectures ලා කීපදෙක්ටම ඔයා කිව්ව විදියට මගේ CV එක දුන්නා... "

මම එහෙම කිව්වේ දිගු සුසුමකුත් හෙලන ගමන්..
එතකොට සුන්මි මගේ උරහිසට අත තියලා කතා කරන්න ගත්තා..

"මම දන්නවා ඔයා බයෙන් ඉන්නේ.."

"ඔයා දන්නවනේ නැන්දා මට cafe එකේ පඩියෙන් ඉන්න දෙනවා කිව්වේ උපාධිය ගන්නකම් විතරයි.."

"සූහී ඔයාලා ඉන්න ගෙදර අයිතිය තියෙන්නෙත් සූහෝ ඔප්පගේ නමට නම් ඇයි ඔයා නැන්දලට ඕන විදියට ජීවිත් වෙන්නේ.. මම වගේ නම් බයේ ඉන්නේ නෑ.. ඔයා හොද වැඩී අහිංසකයි ඒකයි මේ ඔක්කොම.. මට නම් ඔයා එක්ක කේන්ති.."

"ඔයා දන්නවනේ සීයා නැති වෙන්න කලින් මගෙන් ඉල්ලපු එකම දේ නැන්දලට ඔයාල එක්ක ඉන්න දෙන්න කියලා. ඒක මගේ සීයගේ අවසාන කැමැත්ත මට ඒක අහක දාන්න බෑ"

"දැන් මට කියන්න මගෙ මේ පුංචි නංගි මොකද කරන්නේ කියලා"

මම හිනා වුනේ.. සුන්මී මට පුංචි නංගි කියලා මගෙ හිස පිරිමැදපු විදියට.. ඔව් අවුරුදු 3ක් මගෙම ඔන්නී වගේ සුන්මී මගේ ලගින්ම හිටියා. නැන්දලගේ ප්‍රශ්න, ඔප්පගේ අසනීපේ... මේ මගෙ ප්‍රශ්න ලෝකේ ඇතුලේ..  මට සැනසීම තිබ්බේ සුන්මී ලග විතරයි.. මට වඩා මාසයක් වැඩිමහල් නිසා ඒයා මගේ ඔන්නී කියලා හිතාගෙන හිටියේ.. වචනයෙන් ඒක කවදාවත් මම අනුමත කලේ නැති වුනාට එයා මගෙ සහෝදරි වගේ කියන එක මගේ හදවත හැමදාමත් අනුමත කලා..

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now