PAGE NO - 17

610 127 8
                                    


ටේහයුන්ග්...

ආදරය කියන්නේ මහ පුදුම හැගීමක්. ආදරය එකතු කරපු දෙන්නෙක් වෙන් උනාම ඒ දැනෙන හැගීම මහ මූසලයි කියලයි මට හිතෙන්නේ. වෙනදට ඒ සියුම් කටහඩ මාව නිදි කෙරෙව්වා. ඒ හුරතල් ආදරය මාව ජීවිත් කලා. එයාගේ හාදු වල මෘදු බව මාව සැනසුවා. අද ඒ හැමදේම මට අහිමි වෙලා. ඒ හැම දෙයම එක මොහොතකින් වෛරයක් බවට පත් වෙලා... මට මාවම පාලනය කරගන්න බැරි තරම් මම නපුරු වෙලා.

fan sign එක ඉවර වෙලා මම කරපු දේ ගැන මට සතුටක් තිබුණේ නෑ. යූරාව මම ආයුධයක් කරගෙන සැරෙන් සැරේ සූහීව රිද්දුවත් එයා එකම මොහොතකවත් මට එයාගෙ කදුලු පෙන්නුවේ නෑ. ඒ නිසාම මගේ හිත කිව්වා එයාට ඒ දේවල් නිසා දුකක් නැතුව ඇති කියලා. ඒ නිසාම මගේ වචන වලින් නැත්නම් මගේ හැසිරීම් වලින් මන් එයාට රිද්දුවා.

ඒත් එයාගේ ඇස් වලින් කදුලු වැටුනේ නෑ. පුංචි දේටත් ඇස් රතු වෙන එයා මෙහෙම ඉන්නවා ඇත්තේ ඇත්තටම එයා ජන්ග්කුක් ට ආදරය කරන නිසා මන් කරන කියන දේවල් ඒයාට ගානක් නැති නිසාද? ඒ නිසාමයි මන් එයාත් ජිමින් ජන්ග්කුක් තුන්දෙනාම ඉන්න තැන යූරාව සිපගත්තේ.

මන් හිතුවා වැරදි. එයා අඩනවා මට හොරෙන් ඒත් එදා එයාට එයාව පාලනය කරගන්න බැරි උනා ඒ ඇස් රතු වෙලා කදුලු උනන්න ගත්තා. ඒ කදුලු දැක්කම මට හිතුනේ මට කිනිස්සකින් අනිනවා වගේ වේදනාවක්. මන් කරපු කියපු හැමදේම ගැන මට දැනුනේ ලැජ්ජාවක් ඒ වගේම පුදුම වරදකාරි බවක්. මන් කොහොමද මේ අහිංසකීට මෙච්චර රිද්දුවේ. ඇයි මන් මෙහෙම කරන්නේ. ඇයි මන් සූහී කියන දේවත් ජන්ග්කුක් කියන දේකටවත් ඇහුම්කන් දෙන්නේ නැත්තේ.

මන් තීරණ අරන් තියෙන්නේ මන් එදා දැක්ක දෙයින්. ඒ දේ ජන්ග්කුක් අතින් උන වැරදීමක් කියන්න හොදටම මට තේරුනත් මන් ආත්මාර්ථකාමී උනා. මගේ ආත්මාර්ථකාමී ආදරය නිසා සූහී විදවනවා. එදා වෙනකන් ජන්ග්කුක් මාත් එක්ක මේ ගැන කතා කරන්න උත්සාහ කලා. ඒත් ඒ හැම වෙලාවෙම මන් ජන්ග්කුක් ව මග ඇරියා. ඒත් සූහී කදුලු පිරුනු ඇස් වලින් එතනින් ගිය මොහොතේ ඉදන් ජන්ග්කුක් හිටියේ මාත් එක්ක කේන්තියෙන්. ජන්ග්කුක් ගේ මූණ දැක්කම මට ඒක තේරුනා.

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Dove le storie prendono vita. Scoprilo ora