PAGE NO - 25

558 118 16
                                    


🌸🌸🌸🌸🌸 ටේහයුන්ග් 🌸🌸🌸🌸🌸

මම ජන්ග්කුක් දිහා බලද්දී එයා බය වෙලා වගේ ඉස්සරහ බලාගෙන හිටියේ.. මාත් ඒ පැත්ත බැලුවේ.. ඇයි බය වෙලා ඉන්නේ කියලා බලන්න..

මන් හිටියේ හීනයකද හැබෑවකද.. මන් මේ දකින්නේ ඇත්තටම හැබෑම දෙයක්ද.. එහෙනම් මන් කැමතී මේ හීනේ ජීවත් වෙන්න..මන් සූහී ට අරන් දීපු ගවුම ඒක තමා මන් මුලින්ම දැක්කේ.. ඒ ගවුම ඇදගන හිටියේ මන් අවුරුදු තුනකට කලින් පන වගේ ආදරයෙන් ලගින් හිටපු මගේ අහිංසකී...

ආදරය කියන්නේ මෙච්චර ලස්සන දෙයක්ද.. කොහොමද අපි අපිව මුණගැහුනේ.. මැණික.. මන් ගාවට එන්න.. ඔයාගේ ටේහ් ගාවට එන්න.. ඒ ඇස් ඔව්.. එවා.. කඳුලු පුරවගන මන් දිහාම බලාගන හිටියේ.. ඒ ලස්සන ඒ අහිංසක මූණ ඒ විදියටම තිබුණා.. ඒත් ඒ ඇස් වල තෙත් උන වේදනාව පෑරෙන හදවතක වේදනාව නැත්නම් ආදරය වෙනුවට ඔය හිතට මන් දුන්න ඒ වේදනාව ඕනාවටත් වැඩියෙන් මට පේනවා මැණික..

ඒ ඇස් දැක්කම අපේ හැම මතකයක්ම මට එකින් එක ඇදුනා.. ඒ අතීතය අපි දැක්ක ලස්සන හීනයක් වගේ කියලයි මැණික මට හිතුනේ.. ඔයා මෙහෙම ඉන්නවා දකින්න මන් වාසනාවන්ත උනා සූ... මගේ සූ... මට සමාව දෙන්න මැණික.. මට තේරෙන්නේ නෑ මැණික... මන් ඒ සමාව ලබන්න සුදුසුද.. ඒත් මට බෑ.. මට බෑ මැණික තවත් ඔයාගේ ආදරය ඔයාගේ සුවඳ නැතුව ජීවත් වෙන්න...

මගේ හදවතත් එයාගේ හදවතත් ඒ මොහොතේ එකිනෙකාගෙන් එකිනෙකා හොයන්න ඇති...

ඒත් එක්කම සූහීගේ අතින් වීදුරු ඔක්කොම බිමට අතඇරුනා.. මන් පියවි සිහියට ආවේ එතකොට.. ඔව් මේ මගේ සූහී.. මගේ මැණික.. එයා ජීවිත් වෙනවා..

ඒත් ඒ ක්ෂනිකයෙන්ම සූහී අඬාගනම එලියට දිව්වා..
මන් පුදුම වෙලා බැලුවේ ඇයි එයා එහෙම ගියේ.. නෑ එයා හරි... කොහොමද වෙනදා වගේ මට තුරුල් වෙන්නේ.. මමයි එයාට යන්න කිව්වේ.. මමයී.. මට දරාගන්න බැරි දුකක් දැනෙන්න ගත්තේ එයා එහෙම දුවලා මගෙන් ඈතට ගියපු විදියට.. මගේ හිත හයියෙන් කෑ ගැහුවා සූහී ව නවත්තන්න කියලා.. ඒත් ඒක ක්‍රියාත්මක කරන්න මට හයියක් නෑ..

"ටේහයොන්ගා.. යනවා.. ගිහින් නවත්තන්න..."

යුන්ගී හයොන්ග් කිව්ව දෙයින් මන් හිත ශක්තිමත් කරගෙන  සූහී පස්සෙන් දුවලා ගිහින් එයාව නතර කලා..

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now