PAGE NO - 20

649 112 17
                                    

සූහී...

මම මාස්ක් එක, ජැකට් එක, සපත්තු එහෙම ගලවලා මගේ බෑග් එකත් අයිනකින් තියලා.. හිමින් එයා ගාවට ගියා. එයාගේ ලොකු ඇදේ තනියම මැද්දට වෙන්න එයාට හොදටම නින්ද ගිහින්. මන් ගිහින් එයාගේ නලලට අත තියලා බැලුවා.. එතකොටත් එයාව ගොඩක් රස්නෙයි. මන් තෙත රෙදි කෑල්ලක් එයාගේ නලලෙන් තියලා එයාගේ ඔලුව අතගාන ගමන් හිටියේ. එයා දිහා බලාගන ඉද්දි මට නොදැනීම කදුලු ආවා.

"ඔයා ඇයි මෙහෙම ලෙඩ උනේ ?? ඔයාට මොනවද එයාලා කිව්වේ..??"
මට කදුලු නවත්තගන්න බැරි උනා. එයාගේ ජීවිතය මෙච්චර අමාරු උනේ ඇයි? කාටවත් වචනයකින්වත් වැරැද්දක් කරන්නේ නැති එයා මෙහෙම විදවන්නේ ඇයි.

"එපා එපා අනේ සූහී එපා සූහීට මුකුත් කරන්න එපා.."

එක පාරටම නින්දෙන් කෑගහගන ටේහයුන්ග්-ෂි නැගිට්ටා. එයාට හොදටම දාඩිය දාලා. නලලට තියලා තිබ්බ රෙදි කෑල්ල මන් ටික වෙලාවකින් අයින් කරපු නිසා එයාගේ නලල පුරා දාඩිය දාලා තිබුණේ..

"ටේහයුන්ග්-ෂි"

මන් එයා ලග ඉන්නවා කියන්න එයා දැක්කේ නෑ. එයා බය වෙලා හිටියේ..

"සූහී... මගේ මැණික"
එහෙම කියලා එයා මාව ගොඩක් තදින් වැලදගත්තා.. එයාගේ ඇගේ උණුසුම මට හොදටම දැනුනා. ඒ වගේම එයාගේ හැඩුම් මට හොදටම දැනුනා.

"මන් ඔයා ලගින්ම ඉන්නවා.. ඔයා බය උනේ ඇයි ටේහයුන්ග්-ෂි"

"මන් ඔයාට ආදරෙයි සූහී ගොඩක් ආදරෙයි.. කාටවත් බෑ.. ඔයාව මගෙන් ඈත් කරන්න.. "

" අනේ ඇයි මේ..?"

" ඔයා කොහොමද සූ ආවේ.. මට ඔයාව ගොඩක් ඕන උනා මැණික.. "

" ජන්ග්කුක්-ෂී මාව එක්කන් ආවේ.. "

" හ්ම්.."

එහෙම කියලා එයා මගේ නලලට හාදුවක් දීලා ආයෙත් මාව එයාගේ තුරුලට ගත්තා...
මන් හිමින් එයාගෙන් මෑත් උනා.
ඊටපස්සේ මන් එයාගේ මූණ ආදරයෙන් පිරිමැද්දා... එයාගේ ඇස් වලින් එයා ඉන්නේ කොච්චර දුකින්ද කියලා මට තෙරුනා..

ඊටපස්සේ කොට්ටය ඇදට කෙලින් අතට හේත්තු කරලා මන් එයාව එතනින් ඇල කරලා එයාගේ ඇවිස්සිලා තිබුණ කොණ්ඩය හදලා එයාගේ ඇස් වලින් ආපු කදුලු පිහදාලා එයාගේ නලලට සියුම්ව හාදුවක් දුන්නා. ඊටපස්සේ මගෙත් එයාගෙත් ඇස් අපි දිහා බලාගන ඉද්දී මන් සියුම්ව එයාගේ මූණ පිරිමැද්දා..

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now