PAGE NO - 29

534 114 16
                                    

🌸🌸🌸🌸🌸 ජන්ග්කුක් 🌸🌸🌸🌸🌸

සෙලයින් එකක් දෙන්න කියලා නවත්තගත්තාට මන් නම් හිටියේ කැමැත්තෙන් නෙමේ.. හයොන්ග් ලා හතරදෙනා මට ලොකූ තුවාලයක් උනා වගේ මගේ ගාවින් හෙලවෙන්නේ නෑ..

" හයොන්ග් මේක කීයටද අනේ ඉවර වෙන්නේ.. ආ..යිශ් එපා වෙනවනේ.."

" පණ්ඩිත වැඩ කලා නම් ඉන්නවා දැන්.. " යුන්හී හයොන්ග් මට තරවටු කලාම මන් ආයාචනාත්මකව හයොන්ග් ට කතා කලා..

" අනේ හයොන්ග් ඉතිං "

" ඔයා කලේ හොද වැඩක් ඒ උනාට ඔයා පරිස්සමෙන් ඉන්න ඕන ජන්ග්කුකා.."

" හ්ම්.. ජිමිනි හයොන්ග් ටේහයුන්ග් හයොන්ග් එහෙම ආවෙ නැත්තේ ඇයි තාම..?"

" එයි එයි තව ටික්කින්.."

මන් හයොන්ග්ලා එක්ක කතා කර කර ඉද්දී මට නිදිමතක් ආවේ නොදැනීමයි.. සමහරවිට බෙහෙත් වලට වෙන්න ඕන..

මගේ ඔලුව කව්රුහරි අතගානවා දැනුනා මන් එතකොට ඇස් ඇරලා බැලුවේ ඒ සියුම් ස්පර්ශය මට ලොකු සනීපයක් දැනුන ස්පර්ශයක් උන නිසා..

ඒ හිටියේ සුන්මී මන් ඇස් ඇරපු ගමන් එයා අත අයින් කරගත්තා.. එයා අඩලා හිටියේ.. මූණ රතු වෙලා.. එවෙලෙත් ඇස් වල කදුලු.. ඇදේ හාන්සි වෙලා හිටපු මම ඇදෙන් ඉදගන්න හදද්දි එයා කොට්ටය මගේ පිට පිටිපස්සේන් තිබ්බේ මන් ඒක කරන්න හදදිමයි..

" තනියමද ආවේ.. "

" අනී සූහීලත් ආවා.. එයාලා පහලට ගියා ඔයා නිදි නිසා.."

" මොකද අද සද්දේ බැහැලා.. මාත් එක්ක රණ්ඩු වෙන්නේ නැද්ද?"

" අසනීප කෙනෙක් එක්ක රණ්ඩු වෙන්නේ නෑ මන්.. "

" ඇයි මේ ඇස් රතු වෙලා.."

" මුකුත් නෑ නිකන්.."

" ඇඩුවද.."

" අනී"

" නැත්තේ නෑ.. "

" ඔයාට රිදෙනවද ජන්ග්කුක්-ෂී "

" එවෙලේ නම් රිදුනේ නෑ.. මන් බය උනා ඔයා ගැන.. ඒ උනාට දැන් නම් රිදෙනවා "

" මට සමාවෙන්න මන් නිසා මෙහෙම උනේ.."

" ඔයාට ඒක උනා නම් මීට වැඩිය මට රිදෙනවා "
ඒ දේ කිව්වම තමා එයා ඔලුව උස්සලා මගේ දිහා බැලුවේ..

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now