PAGE NO - 34

549 107 23
                                    

🌸🌸🌸🌸🌸සූහී🌸🌸🌸🌸🌸

" අහ් මින්- ෂි ඔයා.."

" තාම මාව මතකයි එහෙනම්.."

" කොහොම අමතක වෙන්නද.. අනේ කොච්චර කාලෙකින්ද.. නේද.."
මන් හැරිලා බලද්දි ඒ හිටියේ මීට අවුරුදු තුනකට කලින් මට මෙහෙදි හම්බුන ඒ සුන්දර චරිතය.. ලොකුවට කතා බහක් නොවුනත් කතා කරපු ටික කාලෙට අපි ගොඩක් සමීප උනා.. ඉතිං අද මෙතනදී එයා හමුවීම නිසා අද සමහරවිට මට ටේහ් ව හම්බවෙන්න එයාගෙන් උදව්වක් ලැබෙයී..

" සූහී ඔයාට උන දේවල් මට ආරංචි උනා.. මුලින්ම මන් ටේහයුන්ග්-ෂි ට සෑහෙන්න  වෛර කලා ඔයාට කරපු දේට.. ඒත් ඔය දෙන්නගේ සම්බන්දේ ආපහු පටන් අරන් ඒක announce  කරපු දවසේ මට හිතුනා ගොඩක් දේවල් කාලය විසදලා කියලා.."

" හ්ම්ම් ඔව්.."

" අපි යමුකෝ මොනවා හරි බිබී කතාකරන්න.. හැබැයි සූහී මන් අද එලියට ආවේ නම් ටිකක් සැර දෙයක් බොන්න හිතාගන.. "

" ඒ කිව්වේ.. ඔයා මුකුත් ප්‍රශ්නෙකද ඉන්නේ.."

" ලොකු දෙයක් නොවුනට ඒ දේ ආදරය සම්බන්ධ දෙයක් උනාම දුකයි.. මගේ ආදරයට ගෙදරින් ප්‍රශ්න සූහී.. එයා අහිංසක කෙනෙක් පුංචි පවුලක.. අහිංසක ලමයෙක් අපේ අම්මලා ඒ නිසා කැමති නෑ.. ඒ නිසා එයා මගෙන් ඈත් වෙන්න හදන්නේ.. අද හොදටම අඩලා අඩලා ගියා.. "

" අනේ.. ඇයි එහෙම උනේ.. මන් කතාකරන්නද එයාට.."

" ඕනේ නෑ සූහී ඔය ගියාට මන් දන්නවා එයාට මන් නැතුව ඉන්න බෑ.."

" හ්ම්ම් ඔව් ඒ කතාව ඇත්ත මොනවා උනත් ආදරය තියෙද්දි ඈත් වෙලා ඉන්න බෑ.."

" දැන් ඔයා මොකද මේ හොර ගල් අහුලන්නේ.. ආදරවන්තයා තරහා වෙලාද.."

" හ්ම්ම්.. ඒ වගේ දෙයක් හැබැයි වැරැද්ද මගේ.. "

" එහෙනම් යමුකෝ.. "

ඊටපස්සේ අපි දෙන්නම පොඩි තැනකට ආවා.. එතන කෑම වගේම සෝජු එහෙමත් තිබුණ පොඩි තැනක්.. මින්-ෂි ටිකක් බිව්වා.. පව් එයාට දුකටමයි එයා බිව්වේ..

" සූහී ඔයත් එකක් බීලා බලන්න එක වීදුරුවක්.. මුකුත් වෙන්නේ නෑ ඒත් ඔයාගේ හිතට සහනයක් දැනෙයි.."

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now