PAGE NO - 09

818 156 11
                                    

ටේහයුන්ග්...

අපි practice කර කර හිටියේ පැරිස් වලින් අපි දෙන්නට ආව invitation එක නිසා එක දිගටම වැඩ තිබුණා. එදා පොඩි විවෙකයක් ආව වෙලාවේ මම ජනේලය ගාව වාඩි වෙලා ඉද්දි මන් දැක්කා සූහී කවුද පිරිමි ලමයෙක් එක්ක car එකෙන් බහිනවා. එයා ඇවිල්ලා.

එතකොට කවුද මේ පිරිමි ලමයා. මට තවත් එයා මගෙන් ඈතට යනවද කියලා හිතුනා. මන් එකපාරටම නැගිට්ටේ ඇයි කියන්න මන්වත් දන්නේ නෑ. පෙනුමෙන් එයාව දවස් තුනට ඇදිලා ගිහින් කියලා මට දුරදිම තේරුනා.

"හයොන්ග් ඒ මින් එයාලා සූහීගේ passport එක හදන්න යන්නේ. මේකයි උදේ මට ඒ දෙන්නා කතා කර කර ඉන්නවා ඇහුනා."

"එහෙමද හ්ම්ම්"

"හයොන්ග්.. එයත් අපි එක්ක පැරිස් එනවා ඔයාට මේක හොඳ අවස්ථාක් ඔයාගේ හැගීම් ගැන එයාට කියන්න.. මොකද තවත් දෙන්නම දුක් විදින්න ඕන නෑ එතකොට"

ජන්ග්කුක් එහෙම කිව්වට මට සූහී එක්ක සතුටින් ඉන්න පුළුවන්ද කුකියාට දුකක් දීලා. මන් එයා කියපු කිසිම දේකට උත්තර දුන්නේ නෑ. එහෙම්මම ආයෙත් මම බිම ඉදගෙන මගේ නලල අතගගා කල්පනා කලා. මොකක්ද කරන්නේ කියලා..

එතකොටම කව්රු හරි අපි හිටපු room එකට ආවා. ඒ ආවේ සූහී. මන් එහෙම්මම නැගිට්ටා.. මගේ පුංචි රෝස මල.. එයා බිම බලාගෙනම ඇවිත් කෑම එක මෙතන කියලා යන්න හදද්දිම මාත් ජන්ග්කුක් දෙන්නම එයාට කතා කලා. එයා හිටපු තැනම නැවතුනා.

දැක්කේ නැති දවස් දෙක තුනට එයා කොච්චර ඇදිලා ගිහින්ද. එතකොටම ජන්ග්කුක් මාව ඉස්සරහට තල්ලු කලා. මන් ඒත් එක්කම සූහීගේ අතින් අල්ලාගත්තා.

"සූහී මට පොඩ්ඩක් කතා කරන්න ඕන.. චේබල්"

ඒත් එයා මගේ අත අතඇරලා බිම බලාගෙන ගියා. ඔයා එක පාරක්වත් මගේ දිහා බැලුවේ නැත්තේ ඇයි සූහී. කවදාවත් නැති තරම් මට අද ඒ දේ පුදුම විදියට වේදනාසහගත සිදුවීමක් උනා. ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක දකින්න මන් කොච්චර ආසද. මන් එ ඇස් දෙකට කොච්චර ආදරය කරනවද? මන් ඔයාව ප්‍රතික්ෂේප කලේ නෑ සූහී කොහොමද මන් ඔයාට මේවා තේරුම් කරන්නේ.

"හයොන්ග් එයාට කාලය දෙන්න.. හැමදේම හරියයි"

ජන්ග්කුක් මෙහෙම මුකුත් නොඋන ගානට කතා කරන්නේ කොහොමද. ?? එයා ඇත්තටම සූහීව මට දෙන්න සූදානම්ද. මගේ ඔලුවත් කැක්කුම ගත්තා.

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now