PAGE NO - 21

584 116 4
                                    


සූහී....

මන් හිටියේ ටේහයුන්ග්-ෂි ගේ කුස්සියේ පැන්ට්‍රි එක ඇතුලේ හැංගිලා. එයාගේ හයොන්ග්ලා කතා කරනවා මොනවා හරි ඒත් පැහැදිලි මදි.
මේකේ ඇතුලේ දාඩිය නිසා මන් වතුර ටිකක් බිව්වා. එතකොටම පැන්ට්‍රි එකේ දොර ඇරියා.

"කම්චක්‍යා... ඔයා කව්ද ?මෙතන මොකක්ද කරන්නේ? එලියට එන්න."

ඒ කෙනා මට බය උනා. මන් හොදටම බය උනා දැන් මන් මොකද කරන්නේ මට හොදටම ඇඩෙන්න ආවා.
"එන්න අපි යමු"

"ඔය කියන්නේ මේයා ගැන වෙන්න ඇති"
මන් බය වෙලා බලද්දි ජන්ග්කුක්-ෂී ටේහයුන්ග්-ෂි එක්කම තවත් ජින්-ෂිත් ජිමින්-ෂිත් මාව එක්කන් ආපු කෙනත් තව දෙන්නෙක් හිටියා.

මාව දැක්ක ගමන් ටේහයුන්ග්-ෂි මන් ගාවට ඇවිත් මට අඩන්න එපා කියලා ඒයා අපේ ආදරය ගැන එයාලට කිව්වා. ඒ හැමෝම ගොඩක් හොද අය. ජන්ග්කුක්-ෂීත් ටේහයුන්ග්-ෂිත් එයාලා එක්ක හුරතල් වෙන විදිය දැක්කම මට පුදුම සතුටක් ආවේ.

ටේහයුන්ග්-ෂි කොච්චර දුකින්ද හිටියේ. ඒ හත් දෙනා පවුලක් වගේ. එකිනෙකාව තේරුම් ගන්නවා දුක සැප බලනවා. හරියකට පවුලක් වගේ. මේ දෙය මගේ ඔප්පා දැක්ක නම් කොච්චර සතුටු වෙයිද..

ටික වෙලාවකින් එයාලා කෑම එහෙම කාලා ගියා. ටේහයුන්ග්-ෂි හිටියේ ගොඩක් සතුටින්.. එයාගේ මූනේ තිබුණ මහන්සිය ඒ මැලවුන පාට නැති වෙලා හිටියේ. අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියේ. ඒ මොහොත කොච්චර මතක් වෙන්වද කිව්වොත් මන් හීනෙකින්වත් හිතුවේ නෑ එයා එක්ක මෙහෙම ආදරෙන් ඉන්න අන්තිම මොහොත මේක කියලා.

ටේහයුන්ග්-ෂිත් මාත් සතුටින් හිටපු ඒ මොහොතේ ආයෙත් doorbell එක වැදුනා. එයාගේ මූනෙන් මට තේරුනා ඒ ඉන්නේ යූරා මැඩම් බව මන් වතුර බෝතලය අරන් ඇවිත් ආයෙත් හැංගුනා. මොකද මට ඕනේ නෑ ටේහයුන්ග්-ෂි අසරණ වෙනවා බලන්න..

ඒත් මන් කුස්සියේ දොර වැහුවේ නැති නිසා හැංගිලා හිටියත් එයාලා කතා කරපු වචනයක් නෑර මට ඇහුනා. ඒ කියන්නේ ලබන සතියේ ඔයා එයා ගාවට යනවා. මගේ ජීවිතය මට නැති වෙනවා කියලා මට දැනුනේ. මන් මොකක්ද ටේහයුන්ග්-ෂි කරන්න ඕන. මට ඔයාව අසරණ කරන්න බෑ මාව දාලා යන්න එපා කියලා.

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now