PAGE NO - 35

548 108 14
                                    

🌸🌸🌸🌸🌸 සූහී 🌸🌸🌸🌸🌸

එදා මන් සෝල් ගියාට පස්සේ ටේහ් මාව ආයෙමත් ඉල්සාන් වලට එක්කන් ආවේ ලබන සතියේ ඉදන් මට සෝල් වල නවතින්න ලෑස්ති වෙන්න කියලා.. තිබුණ හැම ප්‍රශ්නයක්ම විසදගෙන අපේ wedding එකේ වැඩ පටන් ගන්න අපි ලෑස්ති උනා..

ඒ ඉද්දී තමා දවසක් ගේ අස් කර කර ඉද්දි මට ආයෙමත් කලන්තේ ඇවිත් පපුවේ මහන්සිය ආවේ. මන් ටේහ්ට කතා කරන්න හදලත් ආයේ කතා නොකලේ එයා අද අපේ අලුතින් ගත්ත ගේ බලන්න යනවා කිව්ව නිසා..

ඊටපස්සේ මම ටැක්සි එකක් කතාකරගෙන hospital එකට ආවා.. ඒ වෙලාවේ බෙහෙත් අරගෙන මම ආපහු ගෙදර ආවා.. ඒත් එදා ඉදන් නිතරම අසාමාන්‍ය මහන්සියක් මට දැනෙන්න ගත්තා.. ඇයි කියන්න මන් දන්නේ නෑ.. මීට කලින් මට මේ දේ තිබිලා තිබුණා ඒත් මේ තරම් නැහැ..

ඊටපස්සේ ටේහ් මාව සෝල් වල apartment එකක නතර කලා.. තනි මට ඉන්න මහ සාගරයක් වගේ apartment එකක් එයා අරගෙන තිබුණා... තනි මට කිව්වට පුළුවන් හැමදාමත් ටේහ් මගේ තනියට හිටියා..ඔය අතරේ සුන්මී ජන්ග්කුක් දෙන්නගේ wedding එක දවසත් උදා උනා..

එදා සුන්මී හරියට සුරංගනා කතාවක සුරංගනාවියක් වගේ ලස්සනට හිටියා.. එයා දැක්කම මට මගේ කදුලු නවත්තගන්න බැරි උනා..

" සූහී මන් ලස්සන ද අද..?"

" හ්ම්ම්.. සුරංගනාවියක් වගේ ලස්සනයි ඔයා.. "

" ඔයා තමා සූහී අද මගේ සතුටට හේතුව.. "

" මන් වෙන්නේ කොහොමද මැට්ටියේ.."

" ඔයා නැත්නම් මට ඔප්පා හම්බෙන්නේය්ත් නෑ ඔයා ප්‍රතික්ෂේප නොකල නම් එයා මගේ වෙන්නේත් නෑ.."

" සුන්මී මොකද මේ "

" දන්නවද ඔප්පා නිතරම කියනවා එයා ආදරය කරන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්ලු.. ඔයා කියලා දුන්න ආදරය ට අර්ථයක් දුන්නේ මන් කියලා නිතරම කියනවා.. "

කණ්නාඩිය ඉස්සරහ වාඩිවෙලා මන් දිහා බලාගන සුන්මී කිව්ව කතාවට මන් පුදුම උනා.. ජන්ග්කුක් මගේයි එයාගෙයි අතීතය සුන්මිට කියලා.. මට මොකක්ද වරදකාරි හැගීමක් ආවා.. ඒ ඇයි කියන්න මන් දන්නේ නෑ..

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now