PAGE NO - 27

568 114 33
                                    

🌸🌸🌸🌸🌸 සූහී 🌸🌸🌸🌸🌸


පවුලක් එක්ක කෑම කාපු කෙනෙක් නෙමේ මම.. ටේහ්ගේ ගෙදර කෑම මේසේ මට ආගන්තුක උනාට අම්මා තාත්තා නංගි දැනටමත් මාව එයාලගේ පවුලේ කෙනෙක් කරගෙන හිටියේ.. ටේහ් මට කෑම බෙදලා දෙද්දි නංගි මන් කියන්නත් කලින් මට වීදුරට වතුර දැම්මා. අම්මා තාත්තා එක්ක නංගි ටේහ් ඔක්කොම එක්ක අපි කෑම කෑවා.. අම්මා තාත්තා දෙන්නම ටේහ්ට ගොඩක් ආදරෙයි..

" දැන් ඉතිං අපිට දුවලා දෙන්නෙක් ඉන්නවනේ.. " එහෙම කිව්වේ තාත්තා නංගිගේ ඔලුව අතගාන ගමන්...

" දුව ඔයා කොහෙද පුතේ හිටියේ.." අම්මා කනගමන් මගෙන් ඇහුවා මන් ටේහ් දිහා බැලුවා.. එයා අම්මගේ අතින් අල්ලගත්තා ...

" අම්මා සූහී හිටියේ ඉල්සාන් වල සූහීගේ හොදම යාලුවා එක්ක.. ඔප්පයි එක්ක.."

" ඔප්පාට කොහොමද පුතේ..?"

" අම්මා.."
ටේහ් අම්මට කතා කලා..

" ඇයි?"
ඔව් සමහර දවස් තිබුණා ඔප්ප මතක් වෙද්දිත් මට ඇස් වලට කදුලු උනපු.. ඒත් අම්මා මගෙන් ඒ ගැන අහද්දී මට කදුලු ආවේ නෑ..

" අනී අම්මා මගේ ඔප්පා එයා දැන් එක්තැන් වෙලා ඉන්නේ.."

" අනේ පුතේ මට සමාවෙන්න මම හිතලා ඇහුවා නෙමේ.. මේ මෝඩයා මුකුත් කිව්වේ නෑ මට ඒ ගැන.."

" අනී අම්මා ඒකට කමක් නෑ.. මන් දැනුත් කතා කලා මගේ යාලුවා සුන්මිට ඔප්පා කාලා ඉන්නේ කිව්වා "

අපි කාලා ඉවර උනාට පස්සේ ටේහ් වතුර එකක් අරන් මගේ ලගට ආවා..

" හ්ම්ම් බෙහෙත් ටික බොමු.."

" ටේහ් ඔයා වාහනෙන් බෙහෙත් ටික ගෙනාවද.. "

" හ්ම්ම් කියවන්නෙ නැතුව මේ බෙහෙත් ටික බොන්න.. "

මන් බෙහෙත් ටික බිව්වට පස්සේ එයා වතුර වීදුරු වත් අරන් ගේ ඇතුලට ගියා..එයාගේ ආදරය නිසා මන් හිටියේ පුදුම සතුටින් ... මට දැනෙනවා මට මුලු ලෝකෙම ලැබුණා වගේ.. මන් සාලයට වෙලා ඉද්දි මට එකපාරටම ආයෙත් කැරකිල්ලක් ආවා.. මම එතනම තිබුණ පුටුවෙන් වාඩි උනා..

" සූහී මොකද.."
මන් ගාවට එන ගමන් හිටපු ටේහ් ටිකක් කලබල උනා

" අනී මට පොඩි කැරකිල්ලක් ආවා.. ඒකයි.."

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now