PAGE NO - 31

590 109 26
                                    

🌸🌸🌸🌸🌸 ජන්ග්කුක් 🌸🌸🌸🌸🌸

අද ජින් හයොන්ග් ගේ engagement  එක.. දැන් සති දෙක තුනක් උනා මන් එදා ඉඳන් සුන්මිව දකින්නවත් ආවේ නෑ.. අනිත් හැමෝම මෙහෙ ආවා ගියා උනත් මන් ආවේ නෑ.. මට එන්න පුළුවන් කමක් තිබුණේ ත් නෑ.. ඔව් දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප උන ආදරය නිසාම මට මන් ගැනම කලකිරීමෙන් මන් හිටියේ.. දැනට දවස් තුනකට කලින් ඉඳන් එයා මට call ගත්තා.. කතා කරන්න ඕන කියලා message  කලා.. ඒත් මන් කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ..

අපි හැමෝම හිටියේ party එකේ.. හැමෝම තමන්ගේ ආදරය එක්ක සතුටින් හිටියේ.. සූහීත් ඇවිත් හිටියේ.. මන් හිතුවා අඩුගානේ අද මට එයාව දකින්නවත් පුළුවන් වෙයි කියලා.. ඒත් එයා ඇවිත් තිබුණේ නෑ.. මන් හිටියේ බියර් වීදුරුවක් දෙකක් බීලා. ජිමින් හයොන්ග් මගේ ලගට ආවේ අද මන් වගේම එයත් තනියම නිසා..

" අද ඔයයි මායි දෙන්නම තනියම ජන්ග්කුකා.."

" මොකද නූනා අදත් තරහා වෙලාද.. ?"

" එයා කවද්ද මා එක්ක යාලු වෙලා හිටියේ.. ? අර ජෙනී ගැන යන කටකතාවට එයාට කේන්ති ගිහින්.. මන් එදා ජෙනී වැටෙන්න ගිය වෙලේ අල්ලගත්ත එකත් එක්ක තවත් වැඩී.."

" අප්පා.. එහෙනම් තව මාසයක්වත් ලේසියකට යාලු වෙන එකක් නෑ.."

" හ්ම්ම්.. මේ ජන්ග්කුකා දැන් වීදුරු දෙකක්ම බිව්වා.. ඇති දැන්.."

" හයොන්ග් .. මට එයාව මතක් වෙනවා.. "

" ජන්ග්කුකා.. එකපාරක් ඒ ළමයට කතා කරන්න "

" මන් මෙතනින් ඉදගන්නද.."

අපි දෙන්නම කතාවත් නවත්තලම හැරිලා බැලුවේ ඒ කවුද කියලා ඒ සූහී..

" අහ් මේ අපේ සූහී නේ..  එහෙනම් අපේ ජන්ග්කුක් ට ඔයාගෙන් අහන්න දේවලුත් ඇතිනේ දෙන්නා කතා කර කර ඉන්න මන් කන්න මොනවා හරි උස්සන් එන්නම්.."
එහෙම කියලා ජිමින් හයොන්ග් එතනින් නැගිටලා යද්දී සූහී ඇවිත් වාඩි උනා..

" සූහී කොහොමද ඔයාට..?"

" ඔයා තරහින් නේද ඉන්නේ..?"

" මොකටද කා එක්කද..?"

" ආදරය ගැන ඔයා එක්කම ඔයා කේන්තියකින් නේද ඉන්නේ..?"

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now