PAGE NO - 22

542 121 22
                                    

🌸🌸🌸🌸🌸🌸සූහී🌸🌸🌸🌸🌸🌸

එයාගේ තුරුලට ආයේ තුරුල් වෙන්න පුළුවන් උනත්.. දැන් මට එයා අයිති නෑ.. ඒ දෙය මතක් උන ගමන් මන් එයාගෙන් ඈත් උනේ මන් නිසා එයා අසරණ වෙන්න ඕන නැති නිසාත් එයාව අයිති යූරා මැඩම්ට දුක හිතෙන්න ඕන නැති නිසාත්... ඒ උනත් එයාගේ මෘදු හාදුව මගේ හැම දුකක්ම නැති කරන්න පුළුවන් බෙහෙතක් වගේ.. මගෙන්  ඈතට යන්න කිව්වත් එයා ගියේ නෑ. ඔව් එයාලා Marry කරලා නෑ..

කවදාකටත් වැඩිය මට එයාගේ ආදරය දැනුන දවස අද.. මේ හිම පියලි මතින් එයා මාව සිපගත්ත මේ මොහොත එයාගේ ආදරය මට තව තවත් දැනුන සීතල රාත්‍රියක් උනා. අපි අපේ ආදරය අවුරුද්දේ  අවසානයේ දෙසැම්බරයේ පලමු හිම වැටෙන මේ රාත්‍රියේ තවත් උපරිමයෙන් වින්දා..

මන් කාමරයට ඇවිත් කල්පනා කලේ මගේ ජීවිතය දවසින් දවස එක එක විදියට මාව ජීවිත් කරවන විදිය ගැන. ඒත් මන් එයාට මගේ නිතරම තියෙන අසනීපය ගැන දිගටම බෙහෙත් ගන්න එක ගැන මුකුත් කිව්වේ නෑ.. සතුටින් හිටපු එයාව එකම මොහොතක්වත් දුකින් තියන්න මට ඕන නෑ. හැමදේම හොදින් උන නිසා මන් හිටියේ පුදුම සැනසීමකින්..

එදා උදේත් වෙනදා වගේම මන් වැඩට ආවා.. අපි හැමෝම වගේ මටත් ජීවිතයේ බලාපොරොත්තු තිබුණා හීන තිබුණා.. ඒ හැම හීනයකම එයා හිටියා.. මගේ ජීවිතය උනේ එයා.. ඒ ඇස් දෙක ඒ ආදරය ඒ උණුහුම මට බෙහෙත් වගේ කියලයි මට දැනුනේ.

අපේ ජීවිත වල දේවල් වෙනස් වෙනවා මිනිස්සු වෙනස් වෙනවා.. ඒත් සමහර වෙනස්වීම් වලට පුළුවන් අපිව මුලු ජීවිතයේන්ම ඇදලා පහලට දාන්න..

"සූහී"

මන් staff room එකට ඇවිත් බෑග් එක මේසෙන් තියන ගමන් හිටියේ. එතකොටම හයෝ මැඩම් හති දාගන දුවගන ඇවිත් මට කතා කලා.

"Good morning  මැඩම්"

"සූහී ඉක්මනට එන්න දුවේ" මැඩම් මට දුව කියලා කතා කලාම මට අමුත්තක් දැනුනා.

"මැඩම් ඔයා හොදින් ද?" මැඩම් ලගට ගිහින් මන් එහෙම ඇහුවා.

"මාත් එක්ක යමු සූහී එන්නකෝ"

"ඒත් කොහෙද මේ අපි යන්නේ"

මැඩම් මාවත් එක්කම ආවේ උඩම තට්ටුවේ තිබුණ  board room එකට. අපි දෙන්නා ඇතුලට යද්දි එතන ලොකු ලොකු අය ඉදගන හිටියා. සමහර අයව මම දැකලා තිබුණේත් නෑ. සමහර අයව නම් ඈතට වගේ දැකපු අය.. ඒ ඔක්කොම මන් දිහා බලාගෙන හිටියේ කන්න වගේ.

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now